(මීරිගම විශේෂ පුෂ්පකුමාර මල්ලවආරච්චි)
යතුරුපැදියකින් කසිප්පු තොගයක් රැගෙන බෙදාහැරීම සඳහා යමින් සිටි පුද්ගලයකු මුරපොළකදී නවතා, ඇඳිරි නීති බලපත්‍රය වැටෙයි බැඳගෙන යන්නැයි උපදෙස්දීමේ සිද්ධියක් පසුගියදා බස්නාහිර පළාතේ ආරක්ෂක මුරපොළක සිදුවූ බව අසන්නට ලැබිණි.
ප්‍රදේශයේ නමගිය ජාවාරම්කරුවෙකි. ඔහු සිය ජාවාරම කරගෙන යන්නේ හිතවතුන් කිහිප දෙනකුගේ ද සහාය ඇතිවය.
මොහුගේ ගමන් මගේ මුරපොළකි. ඇඳිරි නීතිය මැද එතැනින් ගමන් කිරීමේ පහසුව සඳහා ගමනේ යෙදෙද්දී ගොවිතැන් කටයුතු සඳහා යන බව හැඟවෙන සේ උදැල්ලක් ගෙන යන ලෙසට හිතවතුන්ගෙන් ලැබුණු උපදෙස් අතර විය. ඒ අනුව හිතවතා ගේ අනුග්‍රහය මත මෙම ගමන සිදුවී ඇත.
පසුගිය දිනක ජාවාරම්කරු එද්දී යතුරුපැදියේ පැත්තක බැඳ තිබූ උදැල්ලේ බැමි බුරුල්වී තිබෙනු ආරක්ෂක කපොල්ලේ සිටි නිලධාරියකු දැක ඇත.
වහාම යතුරුපැදිය නවතා ප්‍රශ්න කර අන්තිමේදී ඇඳිරි නීති බලපත්‍රය වැටෙයි බැඳගෙන පලයන් යැයි කනට කර උපදෙස් දෙද්දී ඒ අසල සිටි පුද්ගලයකුට ඇසීම නිසා මේ සිද්ධිය ගම පුරා පැතිර යමින් පවතින බවද වාර්තාවේ.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ඇඳිරි නීති බලපත යතුරු පැදියේ බැඳගෙන යන්න උපදෙස් දීලා