IMG-LOGO

2025 නොවැම්බර් මස 03 වන සඳුදා


ඇඳුම් හොරා ගෑනු ගැටේකට අහුවෙලා

  • කරන්දෙණිය-එම්. සුසිල් ප්‍රියන්ත

රෑට වේළෙන්න වැලට දාන යට ඇඳුම් සොරකම් කරන තැනැත්තා අල්ලා ගැනීමට අපූරු උපක්‍රමයක් භාවිත කළ නිවැසියන් පිරිසක් පිළිබඳ කතාවක් දකුණේ ගම්මානයකින් අසන්නට ලැබේ.

මේ නිවෙසේ තරුණ දූදරුවෝ තිදෙනෙක් විසූහ. දූවරුන් තිදෙනකු වැදුව ද මවගේද තරුණකම පොඩ්ඩක්වත් අඩු වී නොතිබුණාය. ඒ නිසා දූවරුන් තිදෙනා මෙන්ම මවද රෑ කාලයේ යට ඇඳුම් සෝදා වේළෙන්න දමන්නේ එළිමහනේ වැලටය. වැලට දමන යට ඇඳුම් කාලයක පටන්ම අස්ථානගත විය. බැරිවෙලාවත් එළියෙ වැලේ වනා තිබූ කාන්තා යට ඇඳුම් රෑට ගැනීමට අමතක වුවහොත් ඒවා පසුදාට අතුරුදන්ය.

මේ නිසා මේ අම්මලා, දූලාට අවශ්‍ය වූයේ මේ සොරකම නතර කර ගැනීමත් ඒවා සොරකම් කරන සොරා අල්ලා ගැනීමත්ය. ඒ අරමුණින් ඔවුහු ඉතා පහසු උප්පරවැට්ටියක් යෙදුහ. ඒ සඳහා තමන් භාවිතයෙන් ඉවත් කරන ලද කාන්තා යට ඇඳුම් කිහිපයක් එදා රෑ වැලේ තැබුවේ වෙනදාමෙන් ඒවා ගැනීමට අමතක වී ගියාසේය.

ආයි, ඌයි, අම්මෝයි, කියා නිවෙසේ පැත්තකින් ගැට ගසා තිබූ රෙදි වැලෙන් කෑගැසිල්ලක් ඇසුණේ මධ්‍යම රාත්‍රිය ආසන්න වෙද්දීමය.

හනිහනිකට විදුලි පහන් දමා දොර හැර බලන විට දක්නට ලැබුණේ කොර ගසමින් බොහෝ අපහසුවෙන් දුවන අසල්වැසි තරුණයෙකි. ඔහුගේ නම කියා නිවැසියන් කතා කළේ ඔහු හඳුනා ගත් බව පෙන්වීමටය.

අම්මා දැන් වැඩේ හරිනේ දැන් ගිහින් නිදාගමු ආයෙත් ඉතින් රෑට රෙදි වැලේ තියෙන යට ඇඳුම් නැතිවෙන එකක් නැහැ, රෙදි වැල දිගට දාපු උගුරැස්ස සහ දෙහි කටු උදේටම අස්කරමු ඒ එක්කම ඇඳුම් අස්සට දාල තිබුණ දිමි ගොටු ටිකත් අයින් කරමු යයි දූවරුන් අම්මාට කියද්දී ඔවුන් කාලයක් තිස්සේ පීඩාවකින් සිටි දෙයක් නැත්තටම නැතිවූවා යයි සිතමින් ළය සැහැල්ලු‍ කරගෙන නින්දට ගියාලු‍.



අදහස් (0)

ඇඳුම් හොරා ගෑනු ගැටේකට අහුවෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1916 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1526 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 534 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site