IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


ඇඳුම් නැති සුද්දීට ගමෙන් පාඩමක්

හබරාදූව – බී.එච්. රම්‍යා


උඩට පමණක් ඇඳුමක් ඇඳ යටට ඇඳුම් කිසිවක් නොමැතිව මහමග ගමන් කරමින් සිටි විදේශීය කාන්තාවකට ගමේ ජනතාව කදිම පාඩමක් ඉගැන්වීමේ පුවතක් හබරාදූව ප්‍රදේශයෙන් වාර්තා වේ.
වාර්තා වන අන්දමට සිද්ධිය මෙසේය.
මෙම විදේශීය කාන්තාව මුහුදු වෙරළේ අව්ව තපිමින් සිට ඇය නැවතී සිටි ලැගුම්හල වෙතට උඩට පමණක් කමිසයක් ඇඳ යටට ඇඳුම් කිසිවක් නොමැතිව ගමන් කරමින් සිටියාය. 
මේ දර්ශනය දුටු ගමේ කොල්ලො කුරුට්ටෝ එම කාන්තාවට එක දිගට හූ තැබූහ. කාන්තාව දැඩි සේ ලැජ්ජාවට පත් වූවාය.
 ඇයට දැන්කරන්නට කිසිම දෙයක් නැත. උඩට පමණක් හැඳ සිටි කමිසය දැඩි ආයාසයක් දරා පහළට අදිමින් විලි වසා ගැනීමට කොතෙකුත් උත්සාහ ගත්තාය. එහෙත් ඒ උත්සාහය විලි වසා ගැනීමට ප්‍රමාණවත් නොවීය. දැන් කොල්ලො කුරුට්ටන්ගේ හූ හඬ එන්න එන්නම වැඩිය. ඒ තවත් අය ද අලු‍‍තින් එකතු වීම නිසාය.
කොල්ලන්ගේ හූ හඬින් සුද්දිය විඳින අපහසුතාව තේරුම් ගත් ගමේ තරුණයෙක් ඇය වෙනුවෙන් ඉදිරිපත් වූයේය. ඔහු ඇඳ සිටි ටීෂර්ටය එකවරම ගලවා සුද්දියට දුන්නේ විලි වසා ගන්නා ලෙස ඉල්ලා සිටිමිනි. 
සුද්දිය එය බොහොම ගෞරවයෙන් බාරගෙන පහළ භාගය ආවරණය කරගත්තේ සැණෙකිනි. එසේ ආවරණය කරගත් ඇය ලැගුම්හල වෙත වේගයෙන් දිව ගියාය. ඒ යද්දීත් වටෙන් පිටෙන් නැගුණ හූ හඬ නම් අඩුවක් නොවීය.
සිද්ධිය දුටු මුහුදු වෙරළේ සිටි අනෙක් විදේශීය කාන්තාවන්ද තමන්ගේ ඇඳුම ගැන වැඩි අවධානයක් යොමු කරනු මෙහිදී දැකගත හැකිවිය. 

 



අදහස් (10)

ඇඳුම් නැති සුද්දීට ගමෙන් පාඩමක්

කවිඳු Tuesday, 21 November 2023 07:45 AM

හිතේ එකක් තියාගෙන බොරුවට හූ කියපු අනාතයොත් ගෙදර ගියාට පස්සේ සුදිදිව මතක් කර කර ඉන්න ඇති.

:       12       56

Janii Tuesday, 21 November 2023 09:14 AM

මුකුත් නැතිව හිටියා වෙන්න බෑනෙ. එහෙනම් හූ කියනකොට ලැජ්ජාවෙ ඇබරෙන්නෙත් නැනෙ. බිකිනියක් හරි වෙන මොකක්හරි කොටට ඇදගෙන ඉන්නකොට ලංකාවෙ අයගෙ ගෝත්‍රික ගති එලියට එනවා.. ඔච්චරයි කතාව

:       9       71

දමිත්Tuesday, 21 November 2023 09:46 PM

හරියටම හරි සහෝදරයා.මුකුත් නැතිව හිටියා කියන්නෙ බොරුවක්.ගොබ්බ ගොඩේ හැතිකරේ .

:       3       22

Thudu Irani marasinghe Tuesday, 21 November 2023 06:19 PM

විදේශිකයින් ලංකාවට එන්නෙ මුහුදු වෙරලෙ අව්ව තපින්න තමයි. ඇඳුම් එක්ක අව්ව තපින්න බහ. හූ කියපු එක සින්ඝහල සන්ස්කෘතියෙ . හරි ලොකු හපන්කමක් කරලා ගෝත්‍රිකයෝ. ඉස්සර වෙදි ගෑනු හිටියෙ උඩුකය නිරුවස්තරව කවුරුත් හූ කීවෙ නැහැ . වෙද්දො දැන් ඉන්න එවුන්ට වෙඩිය සන්වරයි

:       3       20

pakeer Tuesday, 21 November 2023 06:37 PM

ලංකාවේ ඉන්නේ ගෝත්‍රිකයෝ .ඒ මනුස්සයා හෙළුවෙන් ගියානම් .අපිට තියෙන්නේ අකමැති නම් අනික් පැත්ත බලන් ඉන්න .වැඩේ කියන්නේ මුන් හූ කිය කියා උන්ගේ රටවලටම යන්න දඟලන එක

:       6       22

Don Wednesday, 22 November 2023 09:44 AM

ශ්‍රී ලංකන් සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමට අවශ්‍ය නම් වඳුරන් ඉවත් කරන්න

:       3       27

Saman Wednesday, 22 November 2023 12:59 PM

සමහර ගොන්නු දන්නේ ඔයවගේ දෙයක් කරන්න විතරයි.

:       3       17

ජෝසප් පෙරේරා Wednesday, 22 November 2023 07:31 PM

සීගිරියට ගියා නම් ඉවරයි. හූ තිය තියා පල්ලෙහාට එන්නේ...!

:       1       15

H.Nagahawatta Friday, 24 November 2023 06:55 AM

බොරුවට සංස්කෘතිය ඉස්සරහට දාලා තමන්ගේ අසහනය ප්‍රදර්ශනය කරනවා..දැන් ලෝකය ඔතනට වඩා ඉදිරියෙන් ඉන්නේ..

:       1       9

dingi Tuesday, 28 November 2023 12:05 PM

සංචාරක කර්මාන්තය බලන් ඉද්දී දියුණු වෙනවා

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 622 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17597 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 725 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site