IMG-LOGO

2025 දෙසැම්බර් මස 09 වන අඟහරුවාදා


ඇදුමට සලකන්න ගිහින් කොන්දොස්තරගේ පටි රෝල්

පුද්ගලයන්ගේ ඇඳුම් පැලඳුම් දෙස බලා ඔහුගේ තරාතිරම තීරණය කිරීමට ගිය තරුණ බස් කොන්දොස්තර මහතෙකුට සිදුවූ අපූරු පුවතකි.
මාතර නගරයේ සිට ග්‍රාමීය පෙදෙසක් කරා ගමන් ගන්නා බස් රථයකි. කාර්යාල වේලාව පසුවීමත් සමගම ධාවනය වන බස් රථයක් වූ හෙයින් එය අතුරු සිදුරු නැතුව මගීන්ගෙන් පිරී තිබුණි. තව තවත් මගීන් බස් රථයට නංවා ගැනීමේ අරමුණින් කොන්දොස්තර තරුණයා බෙරිහන් දෙමින් බසයේ සිටි පුද්ගලයන් පසුපසට යවන්නට යුහුසුළු විය.
හොඳින් හැඳ පැලඳ ගත් අයට මහත්මයා මිස් යනුවෙන් ආමන්ත්‍රණය කරමින් සුහදශීලීව හැසිරුණු අතර සාමාන්‍ය ඇඳුමෙන් සැරසුණු අයට හා වයසක පුද්ගලයන් හට උස් හඬින් අමතමින් පහත් අයුරින් කතා කරමින් කටයුතු කරන්නට විය.


මේ අතර බස් රථයට අතරමගදී ජාතික ඇඳුම ඇඳගත් මැදි වියේ පුද්ගලයෙක් ගොඩ විය. බොහොම අපහසුවෙන් පාපුවරුවේ රැඳී සිටි ඔහුට කොන්දොස්තර තරුණයා සුපුරුදු වාග්මාලාව යොදා ගනිමින් අන්කල් පස්සට යන්න නැත්නම් බහින්න කන් ඇහෙන්නේ නැද්ද යනුවෙන් පවසන විටම. ඔහු ඉතා අපහසුවෙන් බස් රථයේ ඇතුළට ගොඩ වන්නට විය. මේ සිද්ධිය දුටු පසුපස අසුනක වාඩිවී සිටි නිරන්තරයෙන් මේ බසයේ ගමන් ගන්නා රජයේ ඉහළ තනතුරක් දරන පුද්ගලයකු නැගී, ‘මේ අපේ සර්නේ.. එන්න සර් මෙතනින් වාඩිවෙන්න’  යනුවෙන් පවසනවාත් සමඟ බස් රථයේ සිටි සියලු‍ දෙනාගේ දෙනෙත් ඒ දෙසට යොමු වන්නට විය.
පසුව කොන්දොස්තර ළමයා ළඟට ගිය එම මහතා මල්ලි මේ දරුවන්ගේ දෙනෙත් පාදන ගුරුතුමෙක්. අපි අද මේ තනතුරුවල ඉන්නෙත් මේ ගුරුවරු නිසා. ඇඳුමෙන් පැලඳුමෙන් මිනිසුන්ගේ තරාතිරම තීරණය කර ඔවුන් අපහසුතාවයට පත් කරන්නට එපා.  යනුවෙන් පැවසීමත් සමඟ කොන්දොස්තර තරුණයා දැඩි ලෙස ලැජ්ජාවට පත්වී තමා කළ වරද අවබෝධ කරගෙන ගුරුතුමා අසලට ගොස් සමාව අයැද සිටියේය.

 



අදහස් (0)

ඇදුමට සලකන්න ගිහින් කොන්දොස්තරගේ පටි රෝල්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 349 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 430 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 402 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site