(කටුගස්තොට ධම්මික ගුණවර්ධන)
අවුරුදු උළෙලක ඇඬීමේ තරගයකදී පහළ වූ ගණදෙවි නුවණක් නිසා විරසක වූ ප්‍රේමයක් යළි ලියැලීමේ පුවතක් කටුගස්තොටට නුදුරු ගම්මානයකින් වාර්තා විය.
වාර්තාවන අන්දමට සිද්ධිය මෙසේය.
ඔහු ගරාජයක කාර්මික ශිල්පියකු ලෙසත්. ඇය වෙළඳසල් සහායිකාවක ලෙසත් සේවය කරන්නේ කටුගස්තොට නගරාසන්න ආයතන දෙකකය.
දෙදෙනාට දෙදෙනා මුණ ගැසී ඇතිවූ හිතවත්කම පසුව අවංක ආදරයකට පෙරළුණේ පෙර ආත්ම ගණනාවක සිට පතාගෙන ආ පරිද්දෙනි.
කෙසේ නමුත් එම ආදරයට ඇගේ මව්පියන් විරුද්ධ වූයේ ඔහු ගරාජ්කාරයකු වීම නිසාය. මේ තත්ත්වය මත ඇය ඇගේ මව්පියන්ගේ සිත් වෙනස්කර තම ආදරයට ආශිර්වාද ලබාගැනීමට කොතෙක් උත්සාහ කළද එය ව්‍යාර්ථ වූ තැන ඔහුගේත් ඇයගේත් අවංක ආදරය නවතා දැමීමට සිදු වූයේ තවදුරටත් ඇයට ඇයගේ මව්පියන්ගේ සිත් තැලීමට නොහැකිවූ නිසාය.
මේ අතර ඉකුත්දා පැවැති අවුරුදු උළෙලකට ඇය ඇගේ මව්පියන් සමඟ සිටින බව දුටු ඔහු එම අවුරුදු උළලේ ඇඬීමේ තරගයට ඉදිරිපත් වූයේ මේ අතරවාරයේය.
ඔහු ඔහුගේ ඇඬීමේ මාතෘකාව ලෙස “බිඳුනු ආදරය” තෝරාගත් අතර එහිදී ඔහු ඔහුගේ අවංකකම කියා පාමින් ඇගේ මව්පියන්ට පවා වෙනසක් නොකර තම මවට පියාට මෙන් සැලකීමට හැකි බව පවසමින් හඬා වැටුණේ ඇගේ මව්පියන්ට පමණක් නොව අවට රැස්ව සිටි සැමගේද නෙතඟට කඳුළු බිඳු එක්කරමිනි.
කෙසේ නමුත් තරගය අවසානයේ ප්‍රථම ස්ථානය පමණක් නොව ඇගේ මව්පියන්ගේ ආශිර්වාදය ද ඔහුට ලැබීම නිසා ඇය සමඟ ඉක්මන් විවාහකට ඔහුට ඇරයුම් ලැබුණු බවද වැඩිදුරටත් වාර්තා විය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ඇඬීමේ තරගයෙන් පස්සේ බිඳුණ පෙම ආයෙත් ලියලලා
Ruvan from Canada Saturday, 28 April 2018 12:46 AM
නිර්මාණාත්මක ක්‍රියාවක්! අපේ සුභ පැතුම්.!!!
don Sunday, 29 April 2018 06:46 AM
ආයේ කතා දෙකක් නැහැ.. එදින පටන් ඔහුගේ නම අඬන්නා බවට පත්වූ බව නිසැකයි.
sasith Tuesday, 01 May 2018 07:30 AM
දැන් ඉතිං හැමදාම අඬ අඬා තමයි ඉන්න වෙන්නේ...