IMG-LOGO

2025 මැයි මස 11 වන ඉරිදා


ආල හැඟුම් දීලා පෝනයත් එක්කම මාරුවෙලා

මොරගොල්ලාගම සිසිර කැලේගම
මංගල උත්සවයක දී හඳුනාගත් යහළුවකුට සමීප වූ කාන්තාවක ඔහු සතු වටිනා  ජංගම දුරකතනය රැගෙන පලා ගිය පුවතක් තඹුත්තේගම නගරය අවට මහවැලි ජනපද ගම්මානයකින් අසන්නට ලැබුණි.


මංගල උත්සවය හෝටලයක ජයටම පැවැත්විණි. මනාලයා හා මනාලිය දෙදෙනාම රාජ්‍ය සේවයේ නියැලෙන නිසා පවුලේ ඥාතීන්ට අමතරව දෙපාර්ශවයේ රාජ්‍ය සේවාවේ නියැලෙන පිරිස් ද එහි පැමිණ සිටියහ.


එහි රැඳී සිටින අතරවාරයේ දෙපාර්ශවයේ රාජ්‍ය සේවාවේ අය ද එතැන දී අලුතින් හඳුනා ගැණුනි.


එසේ හඳුනාගත් කාන්තා පිරිමි දෙදෙනෙක් ඉතා කුලුපඟව ඇසුරු කරමින් සිටියහ. දෙදෙනාගේ සමීපතාව අතරේ  පිරිමියා එක් සිත්ගත් ස්ථානයක වාඩි විය.


පිංතුරයක් ගන්නා ලෙසට ඔහුගේ දුරකතනය හඳුනාගත් යෙහෙළියට දුන්නාය. ඇය එම කාර්යය නිසි ලෙසට කර දී එලෙස ගත් පිංතුරය ඇය ඔහුට පෙන්නුවාය. හරිම ලස්සනයි. ඔයාගේ පෝන් එකේ කැමරාව හරිම පැහැදිලියි. ඇය කීවේ තොදොල් වෙමිනි.


මේ අතර ඇය තරමක් දුරින් පිහිටි අලංකාර ස්ථානයක පිංතුරයක් ගැනීමට එය ඉල්ලා සිටියාය.


ඔහු එසැනින් එය ඇය අත තැබුවාය. ඇය එම ස්ථානයේ රැඳී පින්තූර ගන්නා අයුරු ද ඔහු බලා සිටියේය. එහෙත් තව විනාඩියක් දෙකක් ඇතුළත ඇය එක්වරම සෙනඟ අතරින් අතුරුදන් වූවාය.


ඔහු හා තවත් පිරිස් ඇය ගැන සොයා බැලුහ. ඇය කවුද? මොන රාජ්‍ය සේවයේ ද කිසිවෙකුත් ඇය ගැන තොරතුරු දන්නේ ද නැත.

ජංගම දුරකතනය නැත. ඇයත් නැත. ගෑනුන්ගේ මායම් හැට හතරට අසුවී දුරකතනය නැතිකර ගත් වග වටහා ගත් ඔහු තම ආරක්ෂාව වෙනුවෙන් ඒ සම්බන්ධව පැමිණිලි කිරීමට පොලීසියේ පිහිට පතා ගියේය.



අදහස් (0)

ආල හැඟුම් දීලා පෝනයත් එක්කම මාරුවෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

දෙයියෝ සාක්කි

ඡන්දෙන් පැරදී බලු‍ දානයක් දීලා
2025 මැයි මස 08 619 0

මැතිවරණ ජය ලැබූ පසු දෙන්න සූදානම් කළ පාටිය බලු‍ දානයක් බවට පරිවර්තනය වූ අපූරු කතාවක් දකුණේ ගමකින් පෙරේදා (6)අසන්නට ලැබුණි.


ඡන්දපොළට හයර් කරන්න ගිහින් නාසයෙන් කෑල්ලක් දන් දීලා
2025 මැයි මස 07 638 1

ඡන්දය දාන්න වයසක උන්දෑ කෙනකු රැගෙන යාමට පැමිණි ත්‍රිරෝද රථ රියැදුරෙකුට නාසයෙන් කෑල්ලක් දන් දෙන්න සිදුවූ ඇබැද්දියක් ඊයේ (6) ගාලු‍ දිසාවේ ගමකින් අසන්නට


බයික් එක මාරුවී ඉහමොළ රත්වෙලා
2025 මැයි මස 06 707 1

යතුරු පැදියේ ගැට ගසා තිබූ පඬුරෙන් තමන්ගේ යතුරු පැදියත් වැටෙන්න ගිය අලි අමාරුවෙනුත් බේරුණු අයෙකු පිළිබඳව අපූරු කතාවක් බලපිටියෙන් අසන්නට ලැබේ.


හිතේ සහනයට අපූරු විසඳුමක්
2025 මැයි මස 05 938 2

තනිකඩ වියේ පසුවන ගුරු මාතාවක මිලදී ගත් මෝටර් රථයක් මානසික සුවය පතා ගත් සැණින් විකුණා දැමු පුවතකි. සිද්ධිය ඇසෙන්නේ මහවැලි ජනපද ගම්මානයට අයත් ප්‍රදේශයක


නෝනා අන්දන්න ගිහින් අමාරුවේ වැටිලා
2025 මැයි මස 03 533 0

ඉතා හදිසි රාජකාරියක් නිසා නෝනා යතුරු පැදියෙන් ගෙන යා නොහැකි යයි කියූ සැමියා තම හිතවතිය යතුරු පැදියේ දමාගෙන ගොස් අලි අමාරුවක වැටුණු කතාවක් ගාලු‍ දිසාව


උදවු කරන්න ගිහින්න නට්ටම් වෙලා
2025 මැයි මස 02 891 1

නිවසට සිඟමනේ පැමිණි කතකට පුතා උදව් උපකාර කළ අයුරු දැක මවුපිය දෙදෙනා නට්ටම් වූ පුවතක් කලාවැව අසල ගම්මානයකින් අසන්නට ලැබෙයි.


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1042 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1448 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 374 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site