IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ආරාධනා නැතිව උත්සවයට ඇවිත් නිදන කාමරේටත් රිංගලා

(ආරච්චිකට්ටුව ලලිත් නවරත්න) 
ආරච්චිකට්ටුව ප්‍රධාන පෙළේ උත්සව ශාලාවක ඉකුත් දිනක පැවති උපන්දින සාදයකට අනාරාධිතව පැමිණි පුද්ගලයකු සාදයට සහභාගි වීමෙන් පසු උත්සව ශාලාව අයිතිකරුගේ නිවසට ඇතුළුවීමේ දී උත්සවයට සහභාගි වූ පිරිසක් විසින් පහරදීමෙන් බරපතළ තුවාල ලබා ප්‍රතිකාර සඳහා හලාවත රෝහලට ඇතුළත් කර ඇති බව ආරච්චිකට්ටුව පොලිසිය පවසයි. 


මෙසේ රෝහල් ගතකර ඇත්තේ ජාඇළ පමුණුගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. තුවාලකරුගේ තත්ත්වය බරපතළ බව රෝහල් ආරංචිමාර්ග පවසයි. මෙම උපන්දින සාදයට විශාල පිරිසක් සහභාගි වී ඇති අතර උත්සවය සංවිධායකයෝ පවසන්නේ මෙවැනි පුද්ගලයකුට ආරාධනා කර නැති බවයි. 


සාදය අලුයම 2.00 දක්වා පැවති අතර මෙම පුද්ගලයා විසින් උත්සව ශාලාව අයිතිකරුගේ මව, බිරිය සහ දරුවා පමණක් නින්දේ පසුවන අවස්ථාවේ නිවසට ඇතුළුවී එම මවගේ නිදන කාමරයට ඇතුළුවීමට යාමේදී මව විසින් කෑගැසීමත් සමග ඒ හඬ ඇසුණු පිරිසක් බීමතින් සිටි මෙම පුද්ගලයාට බරපතළ ලෙස පහර දී ඇත. 


සිද්ධිය සම්බන්ධයෙන් උත්සව ශාලාවේ අයිතිකරු අත්අඩංගුවට ගෙන  ඇති අතර අනාරාධිත පුද්ගලයා ද අත්අඩංගුවට ගෙන පොලිස් ආරක්ෂාව යටතේ ප්‍රතිකාර ලබන බව පොලිසිය පවසයි. 


ආරච්චිකට්ටුව පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අනුරාධ හේරත් මහතාගේ උපදෙස් මත පොලිස් පරීක්ෂක මනෝරංජන් මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක්  සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වති. 



අදහස් (1)

ආරාධනා නැතිව උත්සවයට ඇවිත් නිදන කාමරේටත් රිංගලා

නුවන් Saturday, 27 October 2018 02:10 AM

මගේ වෙඩින් එකටත් එහෙම ආරාධනා නොකරපු කෙනෙක් ඇවිත් ආරාධනා කරපු අයත් එක්ක වලියක් දාගෙන බොහොම අමාරුවෙන් බේරාගත්තේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 13 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 815 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site