IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ආච්චි අම්මාට කොලේ වසා මිනිපිරිය පැන ගිහින්

(කෑගල්ල අධිකරණ - චමින්ද වැවතැන්න)
කෑගල්ලේ ගම්මානවලට ගොස් තැඹිලි කපන තරුණ වෙළෙන්දෙක් වයෝවෘද්ධ කාන්තාවක භාරයේ සිටි තරුණියක රැගෙන ගොස් ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පුවතක් කෑගල්ල ප්‍රදේශයේ ග්‍රාමයකින් වාර්තා වෙයි.


වාර්තා වන අන්දමට සිද්ධිය මෙසේය.


අලව්ව ප්‍රදේශයේ තරුණයෙක් කලක සිට බට්ටා ලොරි රථයකින් කෑගල්ල ප්‍රදේශයේ ගම්මානවලට ගොස් තැඹිලි මිලට ගනියි. මෙම තරුණ තැඹිලි වෙළෙන්දා ගස් නැග තැඹිලි කපා ගෙඩියක් රුපියල් 30 බැගින් මිලට ගනී.


කාලයක සිට කෑගල්ලේ ගම්මානවලට එන යන මෙම තරුණ වෙළෙන්දා ප්‍රදේශයේ ජනතාව සමග සුහදව කතා බහ කර හොර වංචා නොකර තැඹිලි කපාගෙන යන්නේය. ඇතැම් ගෙවල්වල කාන්තාවෝ තැඹිලි වෙළෙන්දාට අනුකම්පා කර තේ කෝප්පයක් කෑම වේලාවට බත් පිඟානක් දීමට ද පුරුදුව සිටියහ.


කෑගල්ල නගරයට ආසන්න නිවසක වයෝවෘද්ධ කාන්තාවක් ඇගේ 23 හැවිරිදි මිනිපිරිය සමග විසුවාය. 23 හැවිරිදි තරුණිය සුදු පාටය. රූමත්ය. මව්පියෝ විදේශ රටක රැකියා කරති. වැඩිමහල් සහෝදරයා කොළඹ ප්‍රදේශයේ රැකියාව කරන්නේය.


තැඹිලි වෙළෙන්දා වයෝවෘද්ධ කාන්තාව හා 23 හැවිරිදි තරුණිය පදිංචි නිවසට මීට මාස කිහිපයකට ඉහතදී තැඹිලි කැපීමට ගොස් තිබුණි. එහිදී තැඹිලි වෙළෙන්දා වයෝවෘද්ධ කාන්තාවගෙන් ආගිය තොරතුරු විමසා පසුව ඇය තේ කොප්පයක් ද බනිස් ගෙඩියක් සමග තරුණ වෙළෙන්දාට දුන්නාය. තරුණියක් නාගෙන පැමිණ මිදුලේ රෙදි වැලකට තෙත රෙදි වේළීමට දමන අයුරු දුටු තැඹිලි වෙළෙන්දාට ඇයට හිත ගියේය. ඇස් පිල්ලන් නොගහා තරුණිය දෙස බලා සිටි තැඹිලි වෙළෙන්දා වයෝවෘද්ධ කාන්තාවගෙන් සුරූපී තරුණිය පිළිබඳ තොරතුරු විමසුවේය. ඈ සියල්ල තරුණ තැඹිලි වෙළෙන්දා සමග සිනහ මුසු මුහුණින් පැවසුවාය.


තැඹිලි වෙළෙන්දා නිවසින් පිටව යාමට පෙර දුරකථන අංකය ඇඟිල්ලකින් මිදුලේ වැල්ලේ ලියා තරුණියට ඇඟිල්ල දික් කර පෙන්වා නිවසින් පිටව ගියේ තරුණිය සමග සම්බන්ධකමක් ඇති කර ගන්නා අදහසිනි. සවස තරුණිය තැඹිලි වෙළෙන්දාගේ දුරකථනයට ඇමතුමක් ගෙන දැන හැඳින ගත්තාය. වැඩි කාලයක් යන්නට පෙර තැඹිලි වෙළෙන්දා වයෝවෘද්ධ කාන්තාවගේ මිනිපිරිය සමග සම්බන්ධයක් ගොඩ නගා ගත්තේය. පසුව තැඹිලි වෙළෙන්දා කීප අවස්ථාවකදීම තැඹිලි කැපීමට යන එන අවස්ථාවේ දී වයෝවෘද්ධ කාන්තාවට කෑමට මොනවා හරි ගෙනත් දීමට ද අමතක නොකළේය. වෙනදාටත් වඩා තැඹිලි වෙළෙන්දා කෙරෙහි හිතවත්කමක් ගොඩ නගා ගත් වයෝවෘද්ධ කාන්තාව තැඹිලි වෙළෙන්දාගෙන් පවුලේ තොරතුරු ද විමසුවාය. තරුණ තැඹිලි වෙළෙන්දා සත්‍යය වයෝවෘද්ධ කාන්තාව ඉදිරියේ දිග හැරියේය.


ඉකුත් දිනක දී වයෝවෘද්ධ කාන්තාව කෑගල්ල නගරයට ගිය අවස්ථාවේ දී තැඹිලි වෙළෙන්දා සමග තරුණිය පැන ගියාය. කෑගල්ල නගරයට ගොස් ආපසු නිවසට ආ වයෝවෘද්ධ කාන්තාව මිනිපිරිය සෙව්වාය. මිනිත්තු කිහිපයකට පසුව තරුණිය දුරකතනයෙන් කතා කොට තමන් තැඹිලි වෙළෙන්දා සමග ගිය බව මිත්තණියට පැවසුවාය. පසුව මිත්තණිය නිවස ඇතුලේ විලාප දෙන්නට වූවාය. මිත්තණියගේ විලාපය ඉවසා දරා ගැනීමට නොහැකි වූ තරුණිය තැඹිලි වෙළෙන්දා සමග යළි බට්ටා ලොරි රථයෙන් නිවසට පැමිණියාය.


 මිත්තණිය එහිදී තැඹිලි වෙළෙන්දාට කියා ඇත්තේ නිවසේ නතර වන ලෙසත් ඉදිරියේ දී දෙදෙනාගේ විවාහය සිදු කර දෙන බවත්ය. 
දැනට තිදෙනාම සතුටින් දිවි ගෙවමින් සිටින බවත් වාර්තා වෙයි. 

 



අදහස් (0)

ආච්චි අම්මාට කොලේ වසා මිනිපිරිය පැන ගිහින්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 61 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 855 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 613 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site