(හිඟුරාණ නවරත්න සමරතුංග)
මුණුබුරාට ගෙන යන්න සිටි ගිරවකු කූඩුවක සිරකරගෙන සිටිනු දුටු කෑදැත්තන් විසින් අභයදානයදී මුදාහරින ලද සිද්ධියකි මේ.
අම්පාර ප්‍රදේශයේ නිවසක ගිරවෙක් කූඩුවක සිරකරගෙන ඇතිකරමින් සිටියේය.
එම නිවෙසේ ආච්චී ඒ බව මාතර සිටි මුණුබුරාට දැන්වීමෙන් පසුව අනේ මට ඒ ගිරවා ගෙනැවිත් දෙන්නැයි කියමින් ඔහු ඇවිටලි කළේය.
ඉන්පසු අම්පාරේ අය මාතර එන දිනය පැමිණියේය. එදින උදෑසන කූඩුවක් සූදානම් කර තබන ලෙසට ආච්චී මුණුබුරාට දැනුම් දුන්නාය.
ගිරවා කාඩ්බෝඩ් පෙට්ටියක් තුළට දැමීම තීරණයකර ගිරා කූඩුව මිදුලේ අඹ ගස මුල තබා ආච්චී ගෙතුළට ගියාය.
එසැණින් ගිරාකුඩුව වෙත පැමිණි කෑදැත්තන් දෙදෙනකු කූඩුවේ තිබුණ පලතුරු දැක එහි දොරටුවේ අගුල ඉවත්කර තිබිණ.
ආච්චී එනවිට ගිරවා අභයදානය ලබා ගොස් සිටි අතර මෙම හපන්කම කළ කෑදැත්තන්ද එකෙනෙහිම ඉගිල්ලෙන අයුරු ආච්චී දුටුවාය.
කෙසේ වුවද ආච්චි අහල පහල දන්නා කියන කීප දෙනකුට කතා කර ගිරවා වෙනුවට මුණුබුරාට බලුපැටවකු ගෙන ගොස් දුන්නේ ඔහුගේ සිත සතුටු කිරීමේ අරමුණෙනි.
2025 නොවැම්බර් මස 04
17
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
1999
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1554
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ආච්චිගේ ගිරා පෝතකයා බලු පැටවකු වෙලා