IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


අවුරුදු බඩු ලැයිස්තුවට පිටින් බෝතලයක් ගත් සැමියාට ආහාර අනුභවය තහනම් කරලා

ලියාදුන් අවුරුදු බඩු ලැයිස්තුවට පිටින් අරක්කු බෝතලයක් ගෙන ආවේ යැයි උරණ වූ බිරිය අවුරුදු මේසයේදී සැමියාට ආහාර අනුභවය තහනම් කළාය. අලූත් අවුරුදුවලට අවශ්‍ය භාණ්ඩ ලැයිස්තුවක් ලියා සැමියා අතට දුන් බිරිය ඒ සඳහා මුදල් ද දුන්නාය. ලැයිස්තුගත භාණ්ඩ සියල්ල මිලයට ගත් පසු සියයේ කොළ කිහිපයක් ඉතිරි විය. කඬේ යද්දිත් ඔහු බීම සාප්පුව පසු කැරගෙන ගියේය. වැඩිම සෙනඟ රැස්ව සිටියේ එතැනය. කිසි කලබලයක් නැතිව මිනිස්සු ඒ පෝලිමේ තම වාරය එනතුරු සිටියහ. ඔහුද මුලින් එහි යා යුතු යැයි සිතූ නමුත් ගෙදරින් එල්ල විය හැකි අතුරු අන්තරා නිසා දෙගිඩියාවෙන් එතැන පසු කළේය. සල්ලි ඉතිරි වූ නිසා යළිත් ඔහු ඒ පැත්තට ගියේය. අඩුම මිල බෝතලයක් ගැනීමට පෝලිමේ සිටියේය. ටික වේලාවකට පසු බෝතලය මිලට ගත්තේය. ඔහුගේ සතුට ඉහවහා ගියේය. කිසි තැනෙක නොරැඳී ඊයක වේගයෙන් ගෙදර පැමිණියේය. බෝතලේ කතාව බිරියට කියම්දෝ නොකියම්දෝ යැයි සිත සිතා සිටි ඔහු ඒ බව කීවේ නැත. එහෙත් බෝතලය මල්ලේම තිබෙන්නට හැරියේය. එය දුටු ඇය ආඥාවක් පැනැවූවාය. ඉන් කියැවුනේ බෝතලය පාවිච්චි කළ හැකි බවයි. ඒත් අවුරුදු කෑම තහනම් විය.



අදහස් (0)

අවුරුදු බඩු ලැයිස්තුවට පිටින් බෝතලයක් ගත් සැමියාට ආහාර අනුභවය තහනම් කරලා

සී4 Friday, 11 May 2012 07:15 PM

හරිම කුහක ගැනියෙක්......

:       0       0

ලාල් ගලබඩ, ඉතාලියේ සිට Tuesday, 17 April 2012 11:25 AM

ආර්තිකය හා කලමණාකරනය පිලිබද මනා අවබෝදයක්‌ ඇති ඇයට රුපියල් 2500 මතක්‌ වෙන්න ඇති.

:       0       0

රංගනී වීරසිංහ Tuesday, 17 April 2012 12:04 PM

නියමයි, එහෙම තමයි කරන්න ඕන.

:       0       0

අබුඩාබි කොල්ලා Tuesday, 17 April 2012 12:48 PM

හොද බිරියක් නේද බෝතලය බොන්න දීල නෑ. සැමියට ගොඩක් ආදරේ පාටයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 21 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 118 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 922 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site