IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


අවුරුදු තිහක නාකි බල්ලෙක්

ගලහ ඩබ්ලිව්.ඒ. අසේල
බල්ලකු නිසා අමාරුවේ වැටුණ තරුණයකු සම්බන්ධ අපූරු සිද්ධියක් මහනුවර තලාතුඔයෙන් වාර්තාවේ. 
ඔහු මහනුවර තලාතුඔය ප්‍රදේශයේ තරුණයෙකි. 


අසල්වැසි නිවෙසක ඇතිකරන බල්ලකුගේ දරුණු සපාකෑම්වලට ලක්වී ප්‍රතිකාර සඳහා රෝහලට ගියේය. බල්ලාට එන්නත් කළ කාඩ්පත රැගෙන එන ලෙස වෛද්‍යවරයා ඔහුට පැවැසුවේ ප්‍රතිකාර කිරීමට පෙරාතුවය.
වහාම ඔහු තම නිවෙසට දුරකතන ඇමතුමක් දී එම බල්ලා සිටි නිවසට ගොස් එන්නත් කාඩ්පත ඉල්ලාගෙන එන ලෙස බිරිඳට දැන්වීය. 
බිරිඳ තකහනියේ එම නිවෙසට ගොස් නිවෙස් හිමියාගෙන් එන්නත් කාඩ්පත ඉල්ලූවිට ඔහු නිවසේ අල්මාරියේ තිබූ එන්නත් කාඩ්පතක් ඇයට දුන්නේය. 
වහාම රෝහල වෙත ගොස් එම කාඩ්පත වෛද්‍යවරයාට පෙන්වද්දී කාඩ්පත පරීක්‍ෂා කළ වෛද්‍යවරයා බල්ලකුගේ ආයු කාලය කොපමණ ද කියා රෝගියාගෙන් විමසුවේය. සාමාන්‍යයෙන් අවුරුදු දහයක් දොළහක් පමණ වන බව රෝගියා පැවසුවේ එතරම් ගණනකට නොගෙනය. 


ඒකනෙ මේ බල්ලට වයස අවුරුදු තිහකට කිට්ටුයි. ගිනස් පොතට යන්න ඕනෑ. වෛද්‍යවරයා එසේ පැවසුවේ නළල ද රැලි ගන්වමිනි. 
මේ කාඩ්පතේ හැටියට 1994 අවුරුද්දෙ තමා මේ බල්ලට එන්නත් කරල තියෙන්නෙ. 
ඔහු රෝගියාට යළිත් පැවසුවේය. 
කෙසේ නමුත් තුවාල සඳහා ප්‍රතිකාර කොට ජලභීතිකාව සඳහා එන්නත් ද ලබාගෙන නිවෙසට පැමිණ බල්ලාගේ නිවෙසේ අයිතිකරු හමුවීමට ගියේ සිදුව ඇත්තේ කුමක්දැයි විමසීමටත් එක්කය. 
‘‘ඇයි මාමා බල්ලගේ පරණ බේත් කාඩ් එකක් රෝහලට එව්වෙ මම හරි අපහසුතාවකට පත් වුණානේ’’ යැයි පැවසුවේ තරමක නෝක්කාඩුවක් ලෙසිනි. 
නෑ පුතා බල්ලට එන්නත් කරල නෑ. ඔය කාඩ්පත මගේ ඉස්සර හිටපු බල්ලගෙ. ඌ මැරිල දැන් ගොඩක් කල්. මම බය වුණා පුතා ඒකයි ඔය කාඩ් එක එව්වෙ. මොකක් හරි ෂේප් එකක් දාගන්න යැයි ඔහු කියාගෙන ගියේ ද වගේ වගක් නැතිවය.



අදහස් (0)

අවුරුදු තිහක නාකි බල්ලෙක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 24 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 118 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 922 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site