IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


අවුරුදු කේක්ගෙඩිය වටේම ගිහින් ගෙටම ඇවිත්

සිංහල අලූත් අවුරුද්දට නෑගම් යාම ඈත අතීතයේ සිටම මේ දක්වා නොනැසී රැකගෙන ආ පුරුද්දකි. අලූත් අවුරුද්දේ පුණ්‍යකාලයෙන් පසු වැඩ අල්ලා ගනුදෙනු කිරීමෙන් පසු තම තමන්ගේ නෑ හිතමිතුරන්ගේ නිවෙස් කරා ගොස් කා බී නිවී සැනසිල්ලේ පසුවීම වැඩිදෙනාගේ විනෝදාංශයකි. එදා අවුරුද්ද කලඑලි ගැන්වූ කැවුම්. කොකිස්, අතිරස හා ආස්මී ආදී කැවිලි පෙවිලි ආදිය නිවෙසේ සෑදීම වෙනුවට වෙළඳ සැල්වලින් මිලට ගැනීමට වැඩිදෙනා කැමැත්තක් දක්වන බැවින් නෑදෑ හිතමිතුරු නිවෙස් කරා යාමේදී මඟතොටේ වෙළඳසලකින් කේක් ගෙඩියක් හා කෙසෙල් ඇවරියක් ගෙන යෑම අද බොහෝ විට සිදුවන්නකි. මේ අතර මාටින් අයියාද, අසල්වැසියකුගේ නිවෙසට ගෙන යෑම සඳහා කේක් ගෙඩියක් ගෙන ආවේය. මේ දුටු ඔහුගේ දියණිය ”තාත්තේ මේ කේක් එක අපිටම ආපසුඑයිද බලන්න පෙට්ටියේ සළකුණක් දාමු” යැයි පවසා එම පෙට්ටියේ සලකුණක් දැම්මාය. සතියක් දෙකක් ගත විය. ගමේ හිතවත් ඥාතියෙක් මාටින් අයියාගේ නිවෙසට පැමිණියේ හිස් අතින් නොව අලූත් අවුරුදු තෑගිද රැගෙනය. දින ගණනාවක් ගම පුරා කරක් ගැසූ අවුරුදු කේක් ගෙඩිය සති දෙකකට පසු පළමු හිමිකරු වූ මාටින් අයියාටම ලැබී තිබුණි.



අදහස් (0)

අවුරුදු කේක්ගෙඩිය වටේම ගිහින් ගෙටම ඇවිත්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 21 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 118 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 922 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site