අවුරුදු උළෙලක තරගකරුවන්ට ‘‘භීතිය’’ ඇතිකළ තරග ඉසව්වකි. ”බනිස් කෑම අවසන් විය’’ අත සෙලවීමෙන් තොරව කට සෙලවීම අපහසුයි යන කියමනට උදාහරණයක් එක්කරමින් අත් පිටුපසට බැඳි තරග කරුවෝ ඉතා අපහසුවෙන් බනිස් කෑහ. මිනිරන් ගසේ ඉහළ ජාතික කොඩියකි. පුවක් කඳක ආලේප කළ මිනිරන් හා ග‍්‍රීස් ඉවත් කර බාධා මඟ හැර ක‍්‍රීඩකයෝ හතර දෙනෙක් ඒ සඳහා සූදානම්ව සිටියහ. එකකුගේ කරට දෙපා තබා අනෙකා ඉහළට නගින ඔවුන් දෙස අවුරුදු උළෙලේ කාගේත් අවධානය යොමුවී තිබුණි. ඉහළට නගින වේගය දෙගුණ කරමින් පහළට රූටා පහළට එන ක‍්‍රීඩකයින් ජාතික කොඩියට අත තැබීම එතරම් ලෙහෙසි කරුණක් නොවන වග කා හටත් කියා පෑවේය. මේ සියලූ තරග අතර අවුරුදු උත්සව භූමි පරිශ‍්‍රය පුරා යකඩ කටින් නිවේදිකාවකගේ හඬ පැතිරෙමින් තිබිණි. ඇය තොර තෝංචියක් නැතිව කියවන්නීය. එක්වරම නොපසුබට ධෛර්යයෙන් ලිස්සන ගස තරණය කිරීමට තරග වැදී සිටි තරග කරුවෝ තුෂ්නින්භූතවූහ. ඇතුමකුට හීන් දහදිය දැම්මේය. අවුරුදු උත්සව භූමිය පුරා මද වේලාවක් නිහඬතාව පැතිරිණි. මොකද සංවිධායකයෙක් ඇසීය. ඇයි ඔයාට ඇහුණේ නැද්ද අර යකඩ කටෙන් කියෝන ළමයා කිව්ව දේ ‘‘දැන් තවත් තරුණයෙක් එල්ලූම් ගහට ගොඩ වුණා. හිමින් හිමින් ඔහුගේ තීරණාත්මක මොහොතෙට ළඟා වෙනවා.....’’ ලිස්සන ගසට ‘‘එල්ලූම් ගස’’ යැයි කියමින් ඊට අලංකාරවදන්ද එක්කරමින් සිටි නිවේදිකාව යැයි කියූ තරුණියක් සෙනඟ අතරින් නොපෙනී ගොස් මඳ වේලාවක් කාර්යාලය තුළට වී සිටියාය.
2025 දෙසැම්බර් මස 18
23
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
118
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
922
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අවුරුදු උළෙලට නිවේදිකාව එල්ලූම් ගහක් ගෙනත්
අලිබබා Wednesday, 18 April 2012 02:15 PM
එකත් ලස්සන කතාවක් තමයි. අපරාධකාරයෝ බයවෙනවා. නිවැරදිකාරයෝ හිනාවෙනවා.