IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


අවුරුදු ඇදුමට නෝනත් හොල්මන්

මාවරල පී.එස්. මද්දුමගේ
නව වසර උදාවත් සමග අලු‍ත් ඇඳුම් පැලඳුම් ඇඳ, කැවුම් කිරිබත් කා නව වසර පිළිගැනීම සමහරුන්ගේ චාරිත්‍රයක්ව පවතී. ගම්බද ජනතාවද නගරබද ජනතාවද මේ සිරිත් විරිත් ඉටු කරන්නේ ඉමහත් සන්තෝෂයකිනි. මේ අලු‍ත් ඇඳුමක පලහිලව්වකි.
ඔහු රජයේ කාර්යාලයක සේවකයෙකි. තරුණයෙකි. වයස අවුරුදු 25 නොඉක්මවූ ඔහු විවාහ වී මාස කීපයක් ගතවූවා පමණි. නව වසර එළැඹි 31 වැනිදා රාත්‍රියේ ‘තර් ටි ෆස්ට්” පාටියක් සඳහා කාර්යාලයේ  මිතුරකුගේ නිවෙසේ පවත්වන ප්‍රිය සාදයකට ඇරියුම් ලැබූ මොහු ද සහභාගී වූයේ කාර්යාලයේ රාත්‍රී ප්‍රිය සම්භාෂණයක් පවත්වන බව බිරියට පවසමිනි. 
කාර්යාලය බෑගය ද රැගෙන ඉතාම කඩිනමින් ගමන් ඇරඹූ ඔහු මිතුරාගේ නිවෙසට යද්දී කාර්යාලයේ සෙසු පිරිස ද පැමිණ සාදය ආරම්භ කිරීමට කඩිමුඩියේ ලක ලෑස්ති වෙමින් සිටියහ. ඔහු ද මිතුරන් හා එක්ව මධුවිත පිරුණු බෝතල් සහ කටගැස්මට අවශ්‍ය බයිට් ආදිය ගෙනවිත්, සාදය සූදානම් කිරීමට කටයුතු කළේය.


කාලය වේගයෙන් පියඹා ගියේය. සාදය ද නැගලා ගියේය. නව වසරේ 1 වැනි දිනට පහන් වූ බව දැනගත් පිරිස කඩි මුඩියේම නිවෙස්වලට යාමට පිටත් වූයේ “ලැබුවා වූ නව වසර සතුට සාමය සහ සෞභාග්‍ය සපිරි නව වසරක් වේවා..!යැයි සැමටම සුබ පතමිනි. 
කිලෝ මීටර් 10 ක පමණ දුරක් ඇති මොහුගේ නිවෙසට යන විට උදෑසන අට පමණ වී තිබිණි. ඒ වෙද්දී බිරිය කිරිබත් කපා, බැදුමක්ද සාදා අලු‍ත් අවුරුදු කෑම මේසය සකසා තිබුණි. නිදි බර ගතියත් මහන්සියත් නිසා නිවෙසට පැමිණි විගස ඔහු නාන කාමරයට ගියේ මුහුණ කට සෝදාගෙන උදේ කෑම වේල බිරිඳ සමග ගන්නට සිතා ගෙනය.
සැමියා නිවෙසින් පිටව යාමට පෙර අලු‍ත් ඇඳුමක් රැගෙන එන බවට දුන් පොරොන්දුව සිහියට ආ බිරිය, ස්වාමි පුරුෂයා පැමිණි විගස බෑගය පිරික්සීමට අමතක නොකළාය. 
පුදුමයකි. අලු‍ත් ඇඳුමක් වෙනුවට නයිටියක් බෑගය තුළ විය. “කමක් නෑ හොඳ ඇඳුමක් නැති නිසා වෙන්නැති නයිටියක් අරන් එන්න ඇත්තෙ. ඇඳල බලන්න ඕනෑ යැයි සිතූ බිරිඳ නයිටිය ඇඳ හැඩ බලන්නට සූදානම් වූවාය. 
 එයින් සබන් කුඩු සුවඳක් වහනය වීම නිසා ඇය කලබලයටත් කෝපයටත් පත් වූවාය.
 සැමියා මුහුණ සෝදා පැමිණි විට බිරිය ඇඟට කඩා පැන්නාය. “ඈ මිනිහෝ... අලු‍ත් ඇඳුමක් ගේනව කියලා තමුසෙ කාගෙ නයිටියක් ද ගෙනැල්ල තියෙන්නෙ...? පාටියට යනව කියල හොර ගෑනියකුගෙ තුරුල්ලට පරණ අවුරුද්දෙ ගියාද?” 
 සිදු වී ඇති දෙයින් අන්ද මන්ද වූ ඔහු කුමක් සිදු වුණාදැයි තේරුම් ගැනීමට නොහැකිව මදක් ගොළුවත රැකගෙන සිට, පාටිය තිබූ මිතුරාගේ නිවෙසට දුරකතන ඇමතුමක් දී උදේ පාන්දර සිදු වූ අභාග්‍යසම්පන්න අකරතැබ්බය මිතුරාට පැවැසීය.
 කොක් හඬ ලා සිනාසුණු මිතුරා ඔහුට විස්තරය කියා දෙමින්, කාර්යාලයේ කවට මිතුරා මගේ නෝනාගේ නයිටියක් ඉල්ලාගෙන ඔයාගේ බෑගයට දැමූවා යැයි කීවේය. මිතුරා සිදුවූ දේට කනගාටුව පළ කරමින් ඔහුගේ බිරියටද, විස්තරය දුරකතනයෙන්ම පැහැදිලි කර දුන්නේ අවුරුද්දේ පළමුවැනි ආරාවුල සමථයකට පත් කරමිනි. 

 



අදහස් (0)

අවුරුදු ඇදුමට නෝනත් හොල්මන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 142 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site