මුදලට සූදු සෙල්ලම් කරමින් සිටියදී එම ස්ථානයට පොලීසිය පැමිණීමත් සමග සූදු සෙල්ලම් කරමින් සිටි පිරිස දිවයන අතරතුරු එක් පුද්ගලයකු අඩි 35 ක් පමණ ගැඹුරු ළිඳකට වැටී සිටීමේ පුවතක් බෙංගමුව ප්‍රදේශයෙන් අසන්නට ලැබිණි.
සිද්ධිය මෙසේය.
සිංහල අවුරුදු කාලය වෙනුවෙන් ඇතැම් පුද්ගලයෝ මුදලට සූදු සෙල්ලම් කරති. එවැනි සූදු පොළක් රොටුඹ පොලිස් වසමේ බෙංගමුව දාබෝගල ප්‍රදේශයේ ඉකුත් අවුරුදු දින පැවැත්විණි. පිරිස සූදු සෙල්ලම් කරන අතරතුර එම ස්ථානයට පොලිස් නිලධාරීන් පිරිසක් පැමිණීමත් සමග සූදු කෙළමින් සිටි පිරිස සීසීකඩ දිව යන්නට වූහ. ඇතැම් පුද්ගලයන් ආසන්නයේ ඇති නිවාස තුළට රිංඟා සැඟවුණ අතර තවත් පිරිසක් පලා ගොස් ඇත. මෙසේ දිව ගිය පුද්ගලයකු නිවසක මිදුලේ තිබූ අඩි 35 ක් පමණ ගැඹුරු ළිඳකට ඇද වැටී ඇත. ළිඳ අසල තිබූ වතුර බටයක් ගැලවී යාම නිසා එය සකස් කිරීමට පැමිණි නිවසේ අයෙකුට මාව ගොඩට ගන්න කියා උදව් ඉල්ලා කතා කර ඇති අතර අවට සෝදිසි කර බැලුවත් කිසිවකු දක්නට නොමැති නිසා මිදුලේ ඇති ළිඳ තුළ සෝදිසි කර බැලීමේදී කිසිවකු ඒ තුළ සිටිනු දැක ඇත. පසුව නිවසේ අය එක්වී කඹයක් ආධාරයෙන් එම පුද්ගලයා ගොඩට ගැනීමට කටයුතු කර තිබූ අතර ගොඩට ගැනීමෙන් පසු අවුරුද්දට වතුර බොන්න ළිඳේ වතුර ටික ඉවත් කර පිරිසුදු කර දෙන බවට පවසා ඔහු පිටව ගොස් ඇත. ඔහු ළිඳට වැටෙන අවස්ථාව වන විට අඩි 4 කට වඩා අඩු වතුර ප්‍රමාණයක් තිබීම නිසා අනතුරක් නොවූ බව නිවැසියෝ කියති.
ළිඳෙන් ගොඩ ගත් පුද්ගලයා ළිඳේ වතුර ඉවත් කර පිරිසිදු කර දෙන්න පැමිණ නැති අතර නිවැසියන්ටම එය සිදු කර ගැනීමට සිදු වූ බවට පසුව අසන්නට ලැබිණි.
ඌරුබොක්ක ඩී.ඒ. පතිරණ
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
අවුරුද්දට සූදු කෙළියේ ගිහින් ලිඳක් ඇතුලේ