IMG-LOGO

අලි සුරතල් කරන්න ගිහින් ඉල්ලන් කාලා

චාමි අනුත්තරා


විදේශීය සංචාරකයන් පිරිසකට අලි සුරතල් පෙන්වීමට ගිය සංචාරක මගපෙන්වන්නකු අලියා විසින් සුරතල් කරනු ලැබූ සිද්ධියක් පින්නවලින් 
වාර්තා විය.
සිද්ධිය මෙසේය.
පළපුරුදු සංචාරක මගපෙන්වන්නෙකු ලෙස කටයුතු කළ පුද්ගලයෙකු විදේශිකයන් පිරිසක් සමග පින්නවල අලි අනාථාගාරයට ගියේ අලි වැඩ බැලීමටය.
තම කාර්යභාරය ඕනෑවට වඩා ඉහළින් සිදු කර විදේශිකයින්ගේ අවධානය ලබා ගැනීමේ රිසියෙන් කටයුතු කළ මගපෙන්වන්නා අලි පැටවෙකු සුරතල් කළේ මහත් ආඩම්බරයෙනි.
පොල් කොළයක් ගෙන අලි පැටවා දෙසට දිගු කරමින් පැටවාව සෙල්ලමට ගත්තේ විදේශිකයන්ගේ ඔල්වරසන් හඬ මධ්‍යයේය.
කෙමෙන් කෙමෙන් ඉදිරියට පැමිණි අලි පැටවා ආරක්ෂක වැටෙන් පැනවිත් මගපෙන්වන්නාව සුරතල් කළේ ඔහුව හොඬින් ගෙන දෙතුන් වතාවක් බිම පතිත කරවමිනි.
හොඳම සිදුවීම වන්නේ ලැජ්ජාවත් බයත් සමග නැගී සිටි මගපෙන්වන්නා විදේශිකයන්ද අමතක කොට එතනින් පලාගොස් ඇත්තේ ‘බුදු අම්මෝ අලි ගහනෝ’ යැයි  විලාප තබමිනි.

 



අදහස් (0)

අලි සුරතල් කරන්න ගිහින් ඉල්ලන් කාලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 93 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 152 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 1013 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site