IMG-LOGO

2025 ඔක්තෝබර් මස 20 වන සඳුදා


අලි වැඩ පෙන්වන්න ගිහින් අලි අමාරුවක වැටිලා

කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත


රැස්ව සිටි  කෙල්ලන්ට හා කොල්ලන්ට පේන්න පෙරහරට ගෙන ආ අලියා වැඩ දම දමා නාවන්න ගොස් අලි අමාරුවක වැටී ඒ අලි අමාරුව අලි තුන් දෙනකුගෙන් යැවූ ඇත්ගොව් ගැටයකු පිළිබඳ පුවතක් අම්බලන්ගොඩින් අසන්නට ලැබේ.
රෑ පෙරහර සඳහා ඔහුගේ අලියා ගැට ගසා තිබුණේ අම්බලන්ගොඩ විහාරස්ථානයක බිමෙහිය. ඒ තවත් අලි දෙන්නකු සමගය. දහවල් මේ ගැට ඇත්ගොව්වා තමා බලන අලියා මාදම්පා ගඟට ගෙන ගියේ නාවන්නය. අලියා නාවන තැනට කොල්ලන් මෙන්ම කෙල්ලෝද පැමිණ සිටියහ.
ඇත්ගොව් ගැටයාද සිටියේ රත් වෙමින්ය. රත් වෙන්න රත් වෙන්න ඔහුගේ අලියා නෑව්වේ වැඩ පෙන්වමින්ය. අලියා නාවා ගොඩට පැමිණි ඔහුට තරු පෙනුනේය. ඒ අලියා නෑවීමට ගඟට බැසීමට පෙර ගං ඉවුරේ ඔහු තබා ගිය රුපියල් ලක්ෂයක පමණ ජංගම දුරකතනය උස්සා ඇති බව දැකීමෙන් පසුවය.


ඇත්ගොව් ගැටයාට කර කියා ගත දෙයක් නොහැකි විය. ඔහු නෑවූ අලියා සමග යළි විහාරස්ථානයට ආවේය. අනෙක් අලි දෙදෙනා ද නාවාගෙන එම විහාරස්ථානයටම ගෙන ඇවිත් තිබිණ. ඔහු තමාගේ ජංගම දුරකතනය සොරකම් කළ කෙනා අහුවුණොත් කරන දෑ කීවේ සුද්ද සිංහලෙනි. මහ හයියෙනි. විහාරස්ථානයේ හාමුදුරුවන්ටද මෙය ඇසිණි.
හාමුදුරුවෝ එම ස්ථානයට වැඩියහ. මේ ගැටයාට විහාරස්ථානයේ පරුෂ වචන නොකියන ලෙස ඉල්ලා සිටියහ. ඇත් ගොව් ගැටයාට මළ පැන්නේය. වැඩිය කතා කළොත් තමාගේ අලියා පමණක් නොව අනෙක් අලි දෙදෙනා ඇතුළු අලි තුන්දෙනාම ලිහා යන්න අරින බවට ඔහු කෑ ගැසූවේය. ඒ විතරක්ම නොව දිය නා පොල් අතු බුදිමින් සිටි තමාගේ අලියා පමණක් නොව අනෙක් අලි දෙදෙනා ඇතුළු අලි තුන් දෙනාම හාමුදුරුවන්ට පාඩමක් උගන්වන්න ඕනෑ යයි කියමින් ගිනි කාෂ්ඨක අව්වේම දක්කා ගෙන ගියේය.
ඒ වන විට එක අලියකුගේ ඇත් ගොව්වා නැගිටුවා ගැනීමට නොහැකි අයුරින්ම රහමෙර පානය කර තිබූ හෙයින් ඔහුට තව දුරටත් එහිම සැතපෙන්න ඉඩදී ඔහුගේ සහායකයා එම අලියා දක්කාගෙන ද ගියේය. ඇත් ගොවු ගැටයාට වූ පාඩුවේ වාඩුව ගෙවන්න සිදුවූයේ අලි තුන් දෙනකුට බව එය දුටු සහ දැන ගත් අය කීහ.

 



අදහස් (0)

අලි වැඩ පෙන්වන්න ගිහින් අලි අමාරුවක වැටිලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1048 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1082 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 419 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site