IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


අලි ආදරේ පෙන්වන්න ගිහින් අතකුත් කඩාගෙන

පෙරහරට තමන් දායකත්වය දෙන අලියා තමන්ට දැඩි ආදරයක් ඇතැයි පෙන්වීමට ගිය අයකුට වූ අලි ඇබැද්දියක් පිළිබඳ කතාවක් අම්බලන්ගොඩ නගරයෙන් අසන්නට ලැබේ.
ව්‍යාපාරිකයකු වූ ඔහු අලින්ට දැඩි ආදරයක් දැක් වූ අයෙකි. ඒ නිසාම ගමේ විහාරස්ථානයෙන් සංවිධානය කරන පෙරහරේ අලියකු සඳහා දායකත්වය සැපයුවේ ද කාලයක පටන්මය. ඒ වෙනුවෙන් ඔහු නිර්ලෝභීව ලක්ෂ ගණනක් වැය කරන්නේය. ඒ කිසිදු ලෝභ කමක් තණ්හාවක් නොමැතිව වීම විශේෂත්වයකි.
පෙරහර සඳහා ගෙන එන  අලියා ඔහු තෝරාගත්තේ ගිරිඋල්ල ප්‍රදේශයෙනි. අලියා පෙරහරට ගෙන ආදා සිට ඔහුට ඉස්පාසුවක් නැත්තේය. ගමේ නගරයේ කැවුම් අලෙවි කරන තැන් සොය සොයා ගොස් රුපියල් දහස් ගණන් කැවුම් මිළ දී අලියාට කවන්නේය. අලියා වඩාත්ම කැමති පැණි වළලු‍ ද මුදල්වලට මිලදීගෙන ඌට කවන්නේය. එදාට රටේම උක්ගස් හා පොල් අතු සොය සොයා ගෙනවිත් අලියාට කවන්නේය. මේ කවන කවන වාරයක් පාසාම අලියා ඔහුට හොඬ වැල අත ගාන්න, ළං වෙන්න ඉඩ දුන්නේ ටොපි චොක්ලට්, ඇඳුම් පැළදුම් වැනි තෑගි භෝග අරන් දෙනවිට පෙම්වතා කිට්ටුවට ගන්නා පෙම්වතියක පරිද්දෙනි. මේ නිසාම ඔහු සිතුවේ තමා කන්න දෙන අලියා තමාට පට්ට ආදරේ යයි සිතාය.


මේ අලියාම  මේ ඊයේ පෙරේදා අම්බලන්ගොඩ මෝදර දේවාලයේ දිවා සහ රෑ පෙරහර සඳහා ගෙනවිත් සිටියේය. ඌ බැඳ තිබුණේ අම්බලන්ගොඩ තානායම් භූමියේය. අපේ මිතුරා සිය වාහනයෙන් යන විට තමා කන්න දෙන අලියා දුටුවේය. අලියා මෙහි ඉන්න බව නොදැන අහම්බෙන් මෙන් දුටු  ඔහු එදා අලියා ළඟට කිට්ටු වූයේ ඌට කෑමට මොකුත් නොමැතිවය. ඒත් අලියා ඔහුට ළං වෙන්න ඉඩ දුන්නේය. හොඬ වැළ අත ගාන්න දුන්නේය.
ඊට පසුත් අවස්ථාවක මේ ස්ථානයෙන් වාහනයෙන් යමින් සිටි ඔහු මේ අලියා දුටුවේය. අලියා දැක්ක ඔහුට ඌ ළඟට නොගොස් ඉන්නට බැරිවිය. ඔහු සිටියේ ටිකක් විතර රත්වී ගෙනය. අලියා ළඟට ගිය ඔහු වෙනදා මෙන් උගේ හොඬ වැල අත ගාන්න පටන් ගත්තේය. ඒ එක්කම අලියා ඔහුගේ අත හොඬවැලින් අල්ලා ගත්තේය. ඒ අතේ මස් පොඩි වන ලෙස තදිනි. ඒ විතරක්ම නොවේ ඔහු අලියා ළඟටම ඇද්දේය. ඔහු අලියාගේ හොඬ වැලෙන් අත නිදහස් කර ගැනීමට ඇද්දේය. ඒ එක්කම අලියා හොඬවැලෙන් ඔහු ළඟට ගෙනවිත් උඩින්ම වීසි කළේය.
උඩින් බිමට වීසිවී වැටුණ ඔහුගේ අස්ථි බිදී ගියේය. ඔහු රෝහල් ගත කෙරිණ. අලියා ඇල්ලූ අත යථා තත්වයට පත්කර ගැනීමට ශල්‍යකර්ම කිහිපයක්ම කිරීමට සිදුවිය. ‘‘මචං කොහොමද උඹ කන්න දුන්නු අලියා’’ , යයි මිතුරන් ඇසූවිට ඔහු දැන් කියන්නේ ‘අලිනම් දැන් මචං හොඳටම ඇතියි’ කියාලු‍.

කරන්දෙණිය එම්. සුසිල් පියන්ත



අදහස් (0)

අලි ආදරේ පෙන්වන්න ගිහින් අතකුත් කඩාගෙන

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 19 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site