IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


අලිවැටේ ඔළුව වැදී යාළුවා එක්ක ගුටි කෙළගෙන

(මීගලෑව මානෙල් පී. හේවගේ)
රජරට පැත්තේ කුලී වැඩෙන් ජීවිකාව කරගන්නා දෙදෙනකි. දෙදෙනා අතර නොහොඳ නෝක්කාඩුවක් තිබී එකම තැන කුලී වැඩ නොකර සිට කාලය හමාර කර දෙදෙනා එකම කුඹුරක වැඩට ආ පළමු දිනයයි.


එදින ඔවුනට වට්ටක්කා වගාවක් උදලු ගෑමට නියමිතව තිබිණි. එක් පුද්ගලයකු අනෙකාට ඉදිරියෙන් උදලු ගැමේහි නිරතව සිටි අතර ඔවුන් උදලු ගෑ වට්ටක්කා වගාවේ අවසන් මායිම වී තිබුණේ අලි වැටකි.


ඉදිරියෙන් උදලු ගාමින් සිටි පුද්ගලයා හා අනෙකා අතර ලොකු දුරක් තිබී නොමැත. ඉදිරියෙන් ආ උදලු ගෑ පුද්ගලයා එක්වරම ‘බුදු අම්මෝ’ යැයි මහ හඬින් කෑ ගසමින් බිම වැටුණි.


ඔළුව බදාගෙන මඳ වේලාවක් සිටි ඔහු තමන් අතින් අත් ඇරුණු උදැල්ල ඔසවාගෙන අනිත් පුද්ගලයා දෙසට විදුලි වේගයෙන් පැන්නේ ‘උඹ මට උදැල්ලෙන් ගැහැව්වා’ නේද අසමිනි. කුඹුරේ අයිතිකරු වහාම පැන ඔහුගෙන් උදැල්ල උදුරා නොගන්නට සිදුවන්නට ගියේ මහා වින්නැහියකි. 


සිදුව තිබුණේ අපූරු දෙයකි. උදලු ගාමින් සිටි පුද්ගලයාගේ හිස අලි වැටේ වැදී තිබුණි. අලි වැටේ ඒ වනවිටත් විදුලිය තිබුණු නිසා ඔහුට විදුලි සැර වැදී තිබුණි. අලි වැටේ වැදුණු ඔහු විදුලි සැර නිසා ඉවතට විසිවෙද්දී ඔහු සිතා ඇත්තේ අනෙකා ඔහුට පහර දුන් බවය. කෙසේ නමුත් එදින ඔවුන් වැඩ කළ කුඹුරේ අයිතිකරු එම ස්ථානයේ රැඳී නොසිටින්නට මිනීමැරුමක් සිදුවනු නියතය.


එම සිද්ධියෙන් පසු විදුලි සැර වැදුණු පුද්ගලයා අනෙකාගෙන් සමාව ගත් බවත් දැන් දෙදෙනා ගජ මිතුරන් වූ බවත් වාර්තා වේ.

 



අදහස් (2)

අලිවැටේ ඔළුව වැදී යාළුවා එක්ක ගුටි කෙළගෙන

himal Thursday, 13 September 2018 03:32 AM

මේ පුවත ඇත්තක් නම් මේ අයිතිකරු යැයි කියන තැනැත්තාට එරෙහිව නීතිමය පියවර ගත යුතුයි. අලි වැට මායිම් කරලා වගා කරනවා කියන්නේ මේ ඉඩම අනවසරයෙන් අල්ලාගත් භූමියක් වෙන්න ඕන. අනෙක් අතට විදුලි වැටක් ආසන්නයේ අනාරක්ෂිතව මිනිස්සු වැඩට යොදවලා. ජීවිත හානියක් වුනා නම් මොකක්ද කරන්නේ?

:       25       13

raviThursday, 13 September 2018 10:17 AM

ඔහේගේත් ... ඔලුව කොහේ..හරි හැප්පුනාද .. ???

:       24       90

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 22 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 822 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site