IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


අලියා හොඬයෙන් අල්ලා බිම තැබූ ගොවියාට ගණදෙවි නුවණ පහළවෙලා

හසලක සුනිල් ඒකනායක
වන අලියකුගේ ග්‍රහණයට හසු වූ ගැමියකු අලියාට වැඳ තමන්ට හිරිහැරයක් නොකර අතහැර දමන ලෙස කළ ඉල්ලීම නිසා එම ගැමියා අතහැර දමා අලියා වනයට ගිය පුවතක් මිනිපේ ගොවි ජනපදයේ ගම්මානයකින් වාර්තා විය.


මිනිපේ ගොවි ජනපදය පුරා මේ දිනවල අලි මිනිස් ගැටුම් පවතී. එය ගැමියන්ගේ ජන ජීවිතයට අහිතකර බලපෑම් එල්ල වී පවතින බව ගැමියෝ පවසති. ඔහු 48 හැවිරිදි වියේ පසුවන ගොවියෙකි.


මෙදින පෙරවරු 6ට පමණ කිසියම් අවශ්‍යතාවයකට ඔහු සිය නිවෙසේ සිට කුඩා අතුරු මාර්ගයේ යතුරුපැදියේ නැගී හසලක නගරය බලා ගමන් කරමින් සිටියේය. එසේ ගමන් කරමින් සිටින අවස්ථාවේ මාර්ගයේ ගමේ කළවරේ ඉදිරියෙන් තිබූ වංගුව සමග ඔහු දුටු දසුණින් තුෂ්ණීම්භූත විය. ක්ෂණයකින් යතුරුපැදියේ එන්ජිමද නතරවිය. කර කියා ගත කිසිවක් නැත. ඔහු ඉදිරියේ පෙනී සිටි සද්දන්තයාගේ හොඬවැලේ ග්‍රහණයට හසු විය. හොඬවැලෙන් ඔසවා පිටතට ගෙන මාර්ගයේ ඔහු තැබුවේ පා පහරක් එල්ල කර ඔහු පාගා දැමීමට විය හැකිය. අලියා ඔහු බිම තබනවාත් සමගම ගැමියාට ආවේ ගන දෙවි නුවණකි. අලියා ඉදිරියේ බිය නොවී වහා ක්‍රියාත්මක වූ ඔහු බිම හිඳගෙනම දෑත් එක්කර අලියාට වැඳ නමස්කාර කර කීවේ ‘‘අනේ බුදු දෙයියෝ මට කරදරයක් කරන්න එපා. මම අහිංසකයෙක්. අනේ මට යන්න හරින්න’’ කියා බැගෑපත් විය. එසේ දෙවරක්ම පමණ කී පසු අලියා විනාඩියක් පමණ කාලයක් නිසොල්මනේ ඔහු දෙස බලා සිට අඩි කීපයක් පසු පසට ගොස් අසල තිබූ ළඳු කැලැවට පිටව ගියේ ගැමියාගේ ඉල්ලීමට අනුකම්පා කලාක් මෙනි.


අලියාගේ ග්‍රහණයෙන් ගැමියාගේ දිවි එසේ බේරුණත් අලියාගේ හොඬවැලට හසුවීම නිසා ඔහුගේ ශරීරයේ අභ්‍යන්තරයට හා පිටතට වූ හානි හේතුවෙන් ඔහු ප්‍රතිකාර සඳහා මහනුවර මහ රෝහල වෙත ඇතුළත් කර ඇතැයි ඥාතීහු පැවසූහ.



අදහස් (0)

අලියා හොඬයෙන් අල්ලා බිම තැබූ ගොවියාට ගණදෙවි නුවණ පහළවෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 698 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17866 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 762 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site