IMG-LOGO

අලු‍ත් විදුහල්පතිනියගේ නැකතට පරණ විදුහල්පති වැඩට ඇවිත්

කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත
නව විදුහල්පතිනිය සුබම සුබ නැකතින් වැඩ බාර ගැනීමට සූදානම් වූ අවස්ථාවේදී මාරුවීම් ලද හිටපු විදුහල්පති නැවතත් එම විදුහලේ විදුහල්පති ලෙසට නැවත වැඩ බාර ගැනීමේ සිද්ධියක් ගාල්ල අධ්‍යාපන කලාප කාර්යාලයකින් අසන්නට ලැබේ.
 මේ දෙදෙනාටම තමන් විදුහල්පතිධුර දැරූ විදුහල්වලින් මාරුවීමට මාරුවීම් ලිපි ලැබිණි. ඒ අදාළ අධ්‍යාපන කලාප කාර්යාලයෙනි. ඒ අනුව විදුහල්පතිනිය තමාට ලැබූ මාරුවීම් ලිපිය අනුව තමා පණමෙන් රැක බලාගත් විදුහලට සමුදී නව විදුහලේ වැඩ බාර ගැනීමට අවැසි පිඹුරුපත් සැකසුවාය. ඒ තමා සේවය කොට ඉහළ නැංවූ විදුහල මෙන්ම අලු‍තින් වැඩ බාර ගන්නා නව විදුහල ද දැනට තිබෙන තත්ත්වයට වඩා උසස් තත්ත්වයකට ගෙන ඒමේ ඒකායන අරමුණ ඇතිවය.


චාරිත්‍ර වාරිත්‍රවලට මෙන්ම නැකතට මුල් තැනක් දෙන මෙම විදුහල්පතිනිය තමා වැඩ බාර ගැනීමට යන විදුහලේ වැඩ බාර ගැනීම සදහා නැකතක් ද සාදා ගත්තාය. ඒ අනුව ඇය නව විදුහලේ වැඩ බාර ගැනීමට  යන්න ඔන්න මෙන්න තිබියදී දැනගන්නට  ලැබුණේ මාරුවීම් ලැබුණද එහි හිටපු විදුහල්පතිම එම විදුහලේ විදුහල්පති ලෙස යළි වැඩ බාර ගන්නා බවය.
 ඒ අනුව මේ විදුහල්පතිනියගේ වැඩ බාර ගැනීමේ උත්සවයට ආරාධනා ලැබූ පිරිසට හිස් අතින්ම ආපසු ඒමට සිදුවී තිබුණි.
මේ විදුහල්පති මාරුවීම් සහ මාරුවීම් අවලංගු හුටපටය නිසා දැන් මෙම විදුහල්පතිනියට ඉතා දුර බැහැර පාසලක විදුහල්පති ලෙස මුල් මාරුවීම් ලිපිය අවලංගු කර දීමට සූදානමක් තිබෙන බවද කියති.



අදහස් (0)

අලු‍ත් විදුහල්පතිනියගේ නැකතට පරණ විදුහල්පති වැඩට ඇවිත්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 15 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 353 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 823 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site