IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


අලුත් ලේලිගේ ‘කැන්ද කොළේ’ කන්න ගිය නැන්දම්මා අමාරුවේ

සත් කෝරළයේ ගමක ජයට මඟුලක් කා මනාලියක කැන්දාගෙන ආවේ හෙළ කුල සිරිතට කද මලු බැඳ නෑදෑ පාර්ශ්වය පිරිවරා ගනිමිනි. ගැමි ගෙදරක් වූ මනාලයාගේ නිවස ගොවිතැන් බත බූලතින් ජීවිකාව ගෙන ගිය පවූලකි. සිය සැමියා නැන්දම්මා සහ මාමා සමගින් අලුත් නිවසේ ජීවත්වන්නට සිදු වූ ලේලියට නැන්දම්මාගේ ගුරුහරුකම් ලබමින් මූලුතැන්ගේ වැඩකටයුතු කිරීමට සිදුවීය.
 
මනාලිය පැමිණ සති කීපයක් ගත වීමත් නිසා පරිස්සමට නැන්දම්මාගේ පිළිවෙලට ටිකෙන් ටික හැඩ ගැසීමට ඇයට සිදු විය. කුඹූර හේනෙ වත්තෙ පිටියෙ කැත්තෙ උදැල්ලෙ සියලු වැඩ දත් නැන්දම්මා අලුත් ලේලියගේ වැඩ කටයුතු කෙසේදැයි පිරික්සීමට සිතා මෙසේ කීවාය. ළමයෝ කැන්ද කොළ ටිකක් තැම්බූවනං හොඳා. හොඳ පොල් පැණි බෝතලේකුත් තියනවා. රාලහාමිත් ඕවට මනාපයි නොවැ කියමින් සිය පුතා ගැන මතක් කළාය. එසේ ලේලියට පැවසූ නැන්දම්මා වත්ත පහළ ඇති කැන්ද ගහකින් කොළ කඩා ලේලියට ගෙනවිත් දුන්නාය.
 
 ලේලිය ද කිසිවක් නොඅසාම කැන්ද කොළ තැම්බීමට සූදානම් වූවාය. එහෙත් ලේලිය කිසි දිනක කැන්දකොළ තම්බා නොතිබුණි. දැන් පැණි බෝතලයකුත් කැන්ද කොළත් ඇත. කැන්දකොළ තම්බන විදිහක් ඇය දන්නේද නැත. ලේලිය කැන්ද කොළ වට්ටියක තබා සම්පූර්ණ කැන්ද කොළය මත පැණි තැවරුවාය. ඉන්පසූ දෙකට නවා වණ්ඩුවක් බැඳ පැණි තැවරූ කැන්ද කොළ එකක් මත එකක් තබා බොහෝ වේලාවක් තැම්බුවාය. තැම්බුන පසූ ලිපෙන් බා නැන්දම්මාට කතා කොට අම්මෙ කැන්ද කොළ ටික තැම්බුවා කීවාය. 
 
නැන්දම්මා පැමිණ “කෝ බලන්න රසද කියලා” කියමින් කැන්දකොළ නොහොත් හැළප කෑමට තැම්බූ කැන්ද කොළය දිග හැරියාය. කැන්ද කොළය තවා මැරී තිබුණත් ඇතුළත කිසිවක් නැත. නැන්දම්මා මෙසේ ලේලියගෙන් විමසීය. “ඈ ළමයෝ කෝ කැන්ද කොළ මේ කොළේ විතරයිනෙ.” “ඉතින් අම්ම කිව්වේ කැන්ද කොළ තම්බන්න කියලනෙ, මම තැම්බුව” ලේලියගේ පිළිතුර විය.
 
නැන්දම්මා ලේලියගේ කෑම හැදීමේ තරම දැන කැන්ද කොළ කියන්නෙ හැළපවලට. මෙන්න මෙහෙමයි හැළප තම්බන්නෙ. කියමින් කැන්ද කොළ නොහොත් හැලප සාදා පෙන්නූවාය. ලේලිය ලැජ්ජාවට පත් වී නැන්දම්මාගෙන් කැන්දකොළ තැම්බීමේ පාඩම ඉගෙන ගත්තාය.
 
එදා සිට ඒ ලේලිය කැන්ද කොළ තැම්බූ හැටි ගමේ ප්‍රචලිත විය. 
(නැදලගමූව  ආර්.ඒ. ප්‍රියංකා රූපසිංහ)



අදහස් (5)

අලුත් ලේලිගේ ‘කැන්ද කොළේ’ කන්න ගිය නැන්දම්මා අමාරුවේ

Ramani Friday, 25 October 2019 08:38 PM

නැන්දම්මට තමනුත් අලුත් ලේලි කෙනෙක් වෙලා හිටපු කාලේ අමතක වෙන්න ඇති. බාගෙට දේවල් කියලා කෙල්ල අමාරුවේ දැම්මට වැඩිය ලස්සනයිනේ... වැඩේ දන්නවද අහලා කියලා දුන්නා නම්... අනික ඕවා ගමේ මිනිස්සු දැනගත්තම හිනාවෙන එක තමන්ගේ පුතාටත් ලැජ්ජාවක් බව හිතන්නේ නැති මෝඩ අම්මලත් ඉන්නවනේ...

:       0       46

CK Banadara Friday, 25 October 2019 09:03 PM

මේ මොන මඤ්ඤං කතාවක්ද? කැන්ද කොළ කියන්නේ කැන්ද කොළ වලට, හැලප කියන්නේ හැලප වලට. මේ සිරි ලංකාවේ කවුද හැලප වලට කැන්ද කොළ කියලා කියන්නේ...?

:       1       285

Mangala Saturday, 26 October 2019 05:38 AM

තියෙන මාන්නේ තමයි. උඹට වැඩිය මම දන්නවා කියන්න. ඔය වගේ නැන්දම්මලාට තමයි පහු පහු වෙනකොට ලේලිලා දෙන්නේ හොම්බෙන් යන්න.

:       0       119

hellaa Saturday, 26 October 2019 08:22 AM

දකුණේ එහෙම තමයි...කැන්ද කොලේට හැලප කියනවා. හැලපෙට කැන්ද කොලේ කියනවා...

:       3       228

රංජිත්Monday, 28 October 2019 03:10 AM

මේ කතාව තියෙන්නේ සත්කෝරළය ගැනනේ... මේ හෙල්ල කියනකෙනා ශ්‍රී ලංකාවේ අතීතය නොදන්න කෙනෙක්. සත්කෝරළය තියෙන්නේ කොහේද? දකුණ කියන්නේ කොහෙටද කියලා නොදන්නාකම මේකෙන් ප්‍රදර්ශනය කරලා තිබෙනවා...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 58 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 853 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 612 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site