IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


අලුත් පෙළවහකට ගියාම පරණ බිරියම මනමාලිය වෙලා

(කලවාන උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම)
බලන්න ගිය මනාලිය කලින් බිරිය බව දැනගෙන පුදුමයට පත්වූ ව්‍යාපාරිකයකු පිළිබඳව එක්තරා ගමකින් අසන්නට ලැබුණි.


සිද්ධිය මෙසේය. 


ඔවුන් එකිනෙකාට ආදරය කර මාපියන්ගේ විරෝධය මැද විවාහ වී තිබේ. එහෙත් එම විවාහය වැඩි කාලයක් නොපැවැතුණේ ඇය ගත කළ සුඛෝපභෝගී ජීවිතය ඔහුට ලබාදීමට නොහැකි වූ නිසාය. ඔහු ඉතා රූමත් තරුණයෙක් වුව ද දිළිඳුකම ඔහු උපන් දා සිට පැවැතුණකි. 


හරි හැටි නිවෙසක් හෝ රැකියාවක් නොමැති ඔහු එදිනෙදා කුලී වැඩක් කරමින් කුලී නිවෙසක ජීවත් විය. ඇය මවුපියන්ට අකීකරුව ඔහු සමග ආ හෙයින් ඇයට ඇයගේ නිවෙසින් ද කිසිවක් නොලැබුණි. ඇය පෙර ජීවිතයේ ලැබුණු සුඛෝපභෝගී ජීවිතය සම්පූර්ණයෙන්ම ඇයට අහිමි වෙද්දී ඇයට ඔහු වහ කදුරු විය.


කෙසේ හෝ තම විවාහ ජීවිතය රැක ගැනීමට ඔහු කොතරම් උත්සාහයක යෙදුණ ද එය අසාර්ථක වෙද්දී ඔවුන් නීතියේ පිහිට පතා වෙන්වීමට තීරණය කර අවසන දෙපැත්තට වෙන් විය. 


කෙසේ වෙතත් කාලයත් සමග තරුණයා සිය මිතුරන් සමග මැණික් පතල් රැකියාවට ගොස් ක්‍රම ක්‍රමයෙන් දියුණු වී පසුව ඔහු මැණික් ව්‍යාපාරිකයකු බවට පත්වූයේ තමන්ගේ දිරියවන්ත බව නිසාය. තනිකඩව ජීවත් වූ ඔහුට මඟුල් කපුවන් කොතරම් යෝජනා ගෙන ආවත් ඔහු ඒවා ප්‍රතික්ෂේප කළේ පෙර බිරියට ඇති ආදරය නිසාය.


මවුපියන්ගේ බල කිරීම නිසාම ඔහු එක් මනාලියක බැලීමට අමාරුවෙන් හිත හදාගෙන ගියේය. කපුවා කී ලෙස ඇය කලින් විවාහ වූ දරුවන් නොමැති වැන්දඹු කාන්තාවකි. ඔහුට තරම් වත් පොහොසත්කම් නොමැති බවත්, ඉතා අමාරුවෙන් කුලී නිවෙසක ජීවත්වන බවත් කපුවා පැවැසූ විට ඔහුගේ මවුපියන් පවසා ඇත්තේ “අනේ ඉතින් අපි කියලා කලින් කෝටිපතියන් නෙවෙයිනේ, අද අපේ ළඟ තියෙන සල්ලි හෙට වෙන කෙනෙක් ළඟ”‍ යනුවෙනි. 


නියමිත මනාලිය බැලීමට සියල්ලෝම මනාලියගේ නිවෙසට ගිය අතර, මනාලිය හා මවුපියන් දැක ඔවුහු විශ්මයට පත්වූහ. මේ තමන් කලින් විවාහ වී සිටි බිරිය බව දැනගත් ඔහු “දැන් නම් මට ඔයා හොඳින් බලාගන්න පුළුවන්. ඔයා කැමැති නම් එන්න, හැබැයි මමත් කවදා හරි ඔයාලා දැන් ඉන්න තත්ත්වයකට පත්වෙන්න පුළුවන්” යැයි පවසා තිබේ. ලජ්ජාවෙන් බිම බලාගත් ඇය ඔහුගේ කීමට එකඟ වී ඇති අතර, ඔවුන්ගේ විවාහය සිදුව ඇත්තේ රෙජිස්ට්‍රාර් කෙනකු කෝවිලකට ගෙන්වා දෙවියන් ඉදිරිපිටය. 

 



අදහස් (1)

අලුත් පෙළවහකට ගියාම පරණ බිරියම මනමාලිය වෙලා

වීරවිජේ Monday, 05 July 2021 09:47 AM

ඒක නියම කතාවක්... ඊළඟ පෝයට දාන්න හොඳ කතාවක්...

:       0       54

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 19 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site