IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


අලුත් එකෙන් වැඩගනිද්දී පරණ එකේ අගය වැඩිවෙලා

(මීරිගම විශේෂ - පුෂ්පකුමාර මල්ලවආරච්චි)
නොදන්නා මඟුලක් කරන්න ගිහින් වරිගෙ නහගන්න එපා යැයි කියන ආප්තෝපදේශය අනුව කටයුතු කරමින් නවීන පන්නයේ ස්මාර්ට් ජංගම දුරකතනයක් ප්‍රතික්ෂේප කර යළි පැරණි සාමාන්‍ය දුරකතන භාවිතයට ගත් වත්මනේ රටම හඳුනන නාමයක් ඇති විශ්‍රාමික ආරක්ෂක අංශ සාමාජිකයකු පිළිබඳව බටහිර පළාතේ ගම්මානයකින් වාර්තා විය.


ආරක්ෂක සේවයෙන් විශ්‍රාම ලබා වෙනත් රැකියාවක නිරතවූවෙකි. මේ රැකියාව කරගෙන යාමට නවීන තාක්‍ෂණය වැඩි වශයෙන් අවශ්‍ය කෙරේ. දන්නා තරමින් නවීන තාක්‍ෂණය භාවිත කරමින් සිය රැකියාව කරගෙන යන මේ අයගේ සේවය ලබාගන්නා ආයතනයේ සුහද හමුවකදී පැවති තරඟයකි.


මේ තරගයෙන් ජයගත් තිදෙනෙකුට නවීන පන්නයේ ජංගම දුරකතන ලබාගැනීමේ හිමිකම ලැබිණි. එක් දුරකතනයක් මේ කතානායකයාට ද ලැබිණි. මෙය ගත්දා සිට තම දුරකතන සිම්පත එයට ඇතුළත් කළත් මේ අටමඟුලෙන් වැඩගන්නට ගිය ඔහුට සිදුවුණේ නිකරුණේ බිල්පත් ගෙවන්නටය. අද බැරි වුණාට හෙට බලමු කියා මාසයක් දෙකක් ගත් සියලු උත්සාහයන් වතුරේ ගියේය. 


මේ වැඬේ කරන්න බැහැ කී මේ කතානායකයා නවීන දුරකතනය පැත්තකට දැමීය. පෙර සේ පැරණි දුරකතනය යළි භාවිතයට ගත්තේය. මේ වැඬේ සිදුවී දැනට වසර දෙකකටත් වැඩි වුවත් කතාව එළියට ආවේ දුම්රියේ ගමන් කරමින් මිතුරෙකු හා කළ කතාබහක් නිසාය. නැතිනම් මෙය සදහටම රහසක්වන්නට ඉඩ තිබිණි. 



අදහස් (1)

අලුත් එකෙන් වැඩගනිද්දී පරණ එකේ අගය වැඩිවෙලා

jaya Wednesday, 02 January 2019 07:17 AM

අවුරුදු 60 ඉක්මවූ අයට හිනා වෙන්න හොඳ නෑ. ගෙදර ගුවන් විදුලියක් වත් නැති කාලේ ඉඳල ස්මාර්ට් ෆෝන් එකකට ආපුවම හරිම අමාරුයි පුරුදු වෙන්න. අපේ මහලොකු තරුණයොත් ඔකේ දන්නේ ෆේස්බුක් වයිබර් විතරයි.

:       1       211

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 92 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 892 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 619 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site