ඔහු රජරට පළාතේ සාමයත් නීතියත් ගැන පළපුරුදු සහකාර නිලයක් දරන්නෙකි. මේ නිලධාරියාට පසුගිය දිනෙක දඩමස් රස බැලීමේ ආසාවක් ඇතිවිය. කදම්බ නදී තෙර කෙළවර පිහිටි බමුණු ග‍්‍රාමයේ ආයතන ප‍්‍රධානියා හමුවූ විට මේ නිලධාරියා තම ආසාව ගැන කරුණු පැහැදිලි කළේය. ආයතන ප‍්‍රධානියා ඔහුගේ අවශ්‍යතාව ඉටු කරදීමට ප‍්‍රතිඥා දුන්නේය. දින කීපයක් ගත වූ තැන දඩමස් පාර්සලය නියමිත නිවෙසට යැවීමට ආයතන ප‍්‍රධානියා කටයුතු යෙදීය. මේ අතරවාරයේ සහකාර නිලධාරියාගේ නිල නිවෙස පිළිබඳ ගැටලූවක් මතුවිය. කොට්ඨාසයටම බල පරාක‍්‍රමය ඇති නිලධාරියෙක් තමන්ට අයිති නිල නිවෙස ඔහුගෙන් ඉල්ලා සිටියේය. සහකාර නිලධාරියා කිසිදු පැකිලීමෙන් තොරව තම ඉහළ නිලධාරියාගේ අයිතිය තහවුරු කැර නිල නිවෙස බාර දී ඒ අසල වෙනත් නිල නිවෙසක පදිංචියට ගියේය. කදම්බ නදී තෙර කෙළවර ආයතන ප‍්‍රධානියා දඩමස් පාර්සලය සහකාර නිලධාරියාට යොමු කළේ පහළ රැුකවලකු මගිනි. ඔහු පාර්සලය නිල නිවෙසට බාර දී යන්නට ගියේය. සතියක් හමාරක් ගත වුවද තම අවශ්‍යතා ඉටු නොවූ නිසා සහකාර නිලධාරියා ආයතන ප‍්‍රධානියාගෙන් ඒ ගැන කරුණු විමසුවේය. ආයතන ප‍්‍රධානියා මෙසේ කීය. ‘‘සර්, මං එච්වනෙ... අහවලා අතේ...’’ ‘‘නෑ...නෑ... මට ලැබුණේ නැහැ’’ යි සහකාර නිලධාරියා කීය. ආයතන ප‍්‍රධානියා පහළ රැකවලා කැඳවා ඔහුගෙන් ‘පාර්සලය’ ගැන විමසීය. ‘සර්... මං ඒක නියමිත නිවසට ගිහින් දුන්නා’’ කාරණය ඇත්තය. ඔහු පාර්සලය දී තිබුණේ සහකාර නිලධාරියා කලින් සිටි නිල නිවෙසටය. එතැනට අලූතින් ආ කොට්ඨාසයේ ප‍්‍රධානියා පාර්සලය ලබා ගෙන එය භුක්ති විඳ ඇති බව පහළ රැකවලාගෙන් පැහැදිලිව තොරතුරු හෙළිවිය.
2025 දෙසැම්බර් මස 18
28
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
121
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
922
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අලූත ආ නිලධාරියාට ආයතන ලොක්කාගෙන් දඩමස් පාර්සලයක්