IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


අලුත්පිට කඬේ ගිහින් තව පොඞ්ඩෙන් දීගෙත් සුන්

අලුත විවාහ පත්වූ යුවළක් නගරයට ගියේ නිවසට අවශ්‍ය අඩුම කුඩුම ගෙන එන්නටය.


නිවෙසේ මුළුතැන්ගෙට අවශ්‍ය බඩු මුට්ටුත් තවත් බොහෝ දේවල් රැගෙන දෙදෙනා අතින් කටින් බඩු ටික එල්ලාගෙන පැමිණ මෝටර් රථයට දැමුවේ සාප්පු සවාරිය නිම කර දමමිනි.


“අප්පා..... හැමදාම මෙහෙම සාප්පු සවාරියේ මට නම් එන්න බෑ ඔන්න” අලුත බැඳපු බිරියගේ සිත නොරිදෙන සේ සැමියා කීවේ ඒ තරමටම මේ සාප්පු සවාරිය දෙදෙනාවම හෙම්බත් කර තිබූ නිසාය. බිරිඳ තාම පොඩි දරුවකු මෙනි. බොහෝ දේ ඇයට වැටහෙන්නේ නැති බව සැමියා දනී.


දෙදෙනා වාහනයට ගොඩවීමට සූදානම් වූවා පමණි.


තරමක් පැහැපත් තරුණ මවක ඔවුන් අසලට ආවේ දුක කියමිනි.


“මහත්තයා මටත් දරුවෙක් හම්බවෙන්න. මේ දරුවා මහත්තයගෙ. ඇයට කීමට ඉඩ ලැබුණේ එපමණකි.


එකී දෙයින් කුපිත වූයේ අලුත විවාහ වූ බිරිඳය. ඇයට උන්හිටි තැන් අමතක වී ගියේ සැනිණි.


අලුත් බිරිය කුඩය ගෙන සැමියාට එල්ලය ගෙන හමාරය.


“මොකද මොකද” සැමියාට වෙන දේ සිතාගත නොහැකි විය.


“නෝනා..... නෝනා.... කලබල කරන්න එපා. මම කියන්න හැදුවේ මේ මට ලැබෙන්න ඉන්න දරුවත් මහත්මයලගේ දරුවෙක් වගේ කියලා මටයි දරුවටයි කීයක් හරි දෙන්න කියලයි.


තරුණ බිරිඳට කාරණය වැටහුණේ ඊට පසුවය. තැලී පොඩි වී සමාජයේ කරුණු කාරණා නොදත් බිරිඳ ගැන සැමියා බොහෝ දේ කල්පනා කළේ එතැන් සිටය.
(කලවාන - උපේන්ද්‍ර පියංකර ජාතුංගම)



අදහස් (0)

අලුත්පිට කඬේ ගිහින් තව පොඞ්ඩෙන් දීගෙත් සුන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 541 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 713 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 293 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site