IMG-LOGO

අයියාගේ කලිසමට මල්ලී දින 14 ක් කූඩුවට

 

අයියගේ කලිසමේ සාක්කුවේ තිබූ ගංජා මිටියක් නිසා සිර දඬුවම් විඳීමට සිදුවූ සහෝදරයකු පිළිබඳ පුවතක් ගාලු දිසාවෙන් වාර්තා වේ.
 මොහු ගමෙන් පිට රැකියාවක් කරන අයෙකි. නිවාඩුවට ගමට පැමිණීම සිරිතකි. දිනක් නිවාඩුවට ගෙදර පැමිණි විටදී හදිසි ගමනක් යෑමට වුවමනා විය. එහෙත් ඒ වන විට මොහුගේ කලිසම් සියල්ලම සෝදා තිබූ හෙයින් ඇඳගෙන යෑමට එකක් නොවීය. ගමන ද කල් තැබීමට බැරි එකකි.


 අයියා ගමනක් ගොස් ඇවිත් ගලවා ඇඳුම් රාක්කයේ තිබූ ඩෙනිම් කලිසම ඇඳගත් මොහු අයියාගේ මෝටර් බයිසිකලයෙන්ම ගමන යෑමට පිටත් විය.


 අතරමග දී පොලිසියේ රථවාහන අංශයේ නිලධාරි පිරිසක් මොහු පදවාගෙන ගිය මෝටර් බයිසිකලය නතර කර පරික්ෂා කළේය.

යතුරුපැදියේ ලියාපදිංචි බලපත්‍ර මෙන්ම මොහුට යතුරුපැදි පැදවීමට අවශ්‍ය රියැදුරු බලපත්‍රය ද ඒ මොහොතේ නොවීය.


 මොහු යන ගමන ගැන සත්‍ය ප්‍රකාශ කළත් පොලිස් නිලධාරීහු ඒ කිසිවක් පිළිනොගත්හ. කලිසමේ සහ කමිසයේ සාක්කු පරික්ෂා කිරීමට සූදානම් විය. සාක්කුවේ තිබූ ගංජා මිටියක් පොලිසියට අසු විය. ගංජා මිටිය තමාට ලැබුණේ කෙසේදැයි විමසූ විට ඒ මොහොතේ ද මෙම කලිසම අයියගේ එකක් බවත් තමා ඒ ගැන කිසිවක් නොදන්නා බවත් සත්‍ය ප්‍රකාශ කළ ද ඒ සියල්ලම ගොතන ලද බොරුවක් යැයි පොලිස් නිලධාරීහු විශ්වාස කළහ.


අත්අඩංගුවට ගත් මොහු අධිකරණයට ඉදිරිපත් කෙරුණි. දඩ මුදලට අමතරව ගංජා මිටියක් ළඟ තබා ගෙන සිටීම නිසා දින දාහතරක් රක්ෂිත බන්ධනාගාරයේ සිටීමට ද සිදුවිය.
(බළපිටියේ එස්.ඒ.වයි. ද සිල්වා)

 



අදහස් (0)

අයියාගේ කලිසමට මල්ලී දින 14 ක් කූඩුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 500 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 680 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 277 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site