IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


අයියාගේ උගුලේ මල්ලි පැටලිලා

කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත
අයියට හොරෙන් ඔහු ඇටවූ විදුලි උගුලේ ඌරෙකු අසුවී සිටිනවා දැයි සොයා බැලීමට ගොස් අයියාගේ විදුලි උගුලේ මල්ලී පැටලී අයියයි මල්ලියි දෙන්නම අමාරුවේ වැටුණු පුවතක් ගාලු‍ දිසාවේ ගමකින් අසන්නට ලැබේ.
ඔවුහු සහෝදරයෝය. දෙන්නාගේම නිවෙස් තිබුෙණ්ද එක ළඟය. දෙන්නම විදුලි උගුල් යොදවා ඌරන් මරන්නට රුසියෝය. අයියා අටවන විදුලි උගුලේ හසුවන ඌරා සොරකම් කිරීමටත් මල්ලී අටවන විදුලි උගුලට හසුවන ඌරා අයියා සොරකම් කිරීමටත් මේ දෙසොහොයුරෝ පුරුදුවී සිටියහ. ඒ ඔවුන් දෙදෙනාගේ තිබූ අපූරුම සහෝදරකම නිසාය.
දෙන්නා එකට එකතුවී විදුලි උගුල ඇටවුවත් තනි තනියෙන් ඇටවූවත් උගුලට හසුවන ඌරා ගන්නේ දෙදෙනාගෙන් ඉස්සර වන කෙනාය. විදුලි උගුලට හසුවී ඉන්න ඌරා මුලින් මුලිච්චි වන කෙනාය.
එදා අයියා විදුලි උගුල ඇටවූවේ තනියමය. මල්ලී මගහැරය. එහෙත් ඒ පිළිබඳව ඉවවැටුණු මල්ලී අයියා ඌරාට විදුලි උගුල අටවන තැන බලා සිටියේ ඔහුට හොරෙනි. ඔහුට නොදැනෙන්නය.


එදා මහ රෑ මල්ලී අයියා විදුලි උගුල ඇටවූ තැනට යාමට පිටත්වුණේ එයට ඌරකු හසුවී ඇත්දැයි විපරම්කර බැලීමටය. ඒ යන මග අතරතුරේදී විශාල ශබ්දයක් නගමින් මල්ලී අයියා ඇටවූ විදුලි උගුලේ පැටලු‍ණේය. කෑමොර දුන්නේ ඌරෙකු පරිද්දෙනි. මේ ශබ්දය ඇසී අයියා දුවගෙන ආවේ තමා ඇටවූ විදුලි උගුලට ඌරෙකු හසුවී ඇතැයි යන්න සිතමිනි. ඌරා මල්ලී සොරකම් කර ගැනීමට පෙර ඌ ගෙට කර ගැනීමේ අටියෙනි.
එතනට ගිය ඔහුට තරු පෙණුනේ තමා ඇටවූ විදුලි උගුලේ හසුව තිබුණේ ඌරකු නොව තමාගේ මල්ලී නිසාය.



අදහස් (0)

අයියාගේ උගුලේ මල්ලි පැටලිලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 145 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site