IMG-LOGO

අඹ යහළුවා මගුලට ආවාම මනාලයට තරු පෙනිලා

දඹුල්ල - කාංචන කුමාර ආරියදාස

විවාහ මංගල්‍යය දා තම හොඳම මිතුරාගේ දෙපා වැඳ මින් මතු කිසිම දිනක තම නිවෙසට පැමිණීමෙන් වළකින ලෙස ඉල්ලා සිටි අපූරු මනාලයකු පිළිබඳ පුවතක් දඹුල්ල නාගරික බලප්‍රදේශයට නොදුරු ගමකින් වාර්තා වෙයි.

කාලයක සිට අඹ යහළුවන් වූ මිතුරන් දෙදෙනකු එකම ප්‍රදේශයේ ජීවත්ව සිට ඇත. වයසින් බාල වූ එක් අඹ යහළුවකු විවාහ වී සිටි අයෙකි. වයසින් වැඩිමහලු වූ අවිවාහක ලෙස ජීවත් වූ අනෙකා විවාහ නොවී සිටීමට තීරණය කර සිටි අයෙකි. මවුපියන්ගේ දැඩි පෙරැත්ත මත මවුපියන් විසින් සොයා දෙනු ලැබූ යුවතියක සමග ඔහු විවාහ වූයේය.

මෙම මංගල අවස්ථාවට දෙපාර්ශ්වයේම ඥාතීන්, මිතුරු මිතුරියන් පැමිණ සිටින අවස්ථාවක වයසින් වැඩිමහල් වූ අඹ යහළුවාගේ විවාහ මංගල්‍යයට වයසින් බාල වූ අඹ යාළුවා ඔහුගේ බිරිය සමග පැමිණියේය.
එකවරම සිය මනාලිය අතින් අතහැර අඹ යහළුවා දුටු මනාලයා දිව යන්නට විය.

සාදයේ සිටි සියලු දෙනාම හිතාගෙන සිටියේ අඹ යහළුවා නිසා මිතුරුදම නිසා ඔහුව සිප ගැනීමට හෝ වැළඳ ගැනීමට දිව යන බවය. මිතුරාගේ බිරිය ද සිනහා මුසු මුහුණින් මනාලයා පිළිගැනීමට සූදානම් වෙද්දීම තම වයසින් බාල අඹ යහළුවා ළඟ දණ ගසා මනාලයා වඳින්න වූයේය.

“මචං අපි දෙන්නා යාළුවෝ තමයි. ඒත් අද අපේ ගෙදරට ආවට කමක් නෑ, මීට පස්සේ කවදාවත් අපේ ගෙදරට එන්න එපා. අපේ යාළුකම අතරමගදි තියාගමු. මෙහෙම කිව්වට මාත් එක්ක තරහ වෙන්න එපා මොකද අපි දෙන්නා දන්නවා ඉස්සර කළ කී දේ මොනවද කියලා. ඒ විස්තර සියල්ල අදින් ඉවරයි. උඹෙන් මම ඉල්ලන තෑග්ග තමයි අපේ ගෙදර මින් පස්සේ එන්න එපා.”

මනාලයාගේ මුවින් පිටවුණේ එවැනි වදන් පෙළකි.

මිතුරාගේ බිරියගේ මුහුණ දෙස මංගල සාදයේ බොහෝ දෙනාගේ දෙනෙත් ගැටෙන්නට විය.

දැඩි ලෙස සිත් වේදනාවට පත් වයසින් බාල අඹ යාළුවා කිසිත් කර කියා ගැනීමට නොහැකිව අවට අයගේ හොර රහසේ මුහුණ බලා බිම බලාගෙන එම ස්ථානයෙන් පිටව යද්දී මනාලිය ද දෑස්වල කඳුළු පුරවාගෙන මනාලයාගේ දෑත තදින් අල්ලාගෙන නිවෙසට ගොස් ඇත.

 



අදහස් (2)

අඹ යහළුවා මගුලට ආවාම මනාලයට තරු පෙනිලා

Sirisena Wednesday, 08 March 2023 04:55 PM

ඒ කියන්නේ බඳින්න කළින් පුඩින් කළා වගේ...

:       0       7

Perera Thursday, 09 March 2023 11:27 PM

මම හිතන්නේ ඒ දෙන්නා අතරේ සමලිංග සම්බන්ධතාවක් තිබිලා වගේ

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 370 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 533 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 223 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site