(මොරගොල්ලාගම - සිසිර කැලේගම)
අඹ ගසකට ගොඩ වී වහලයට මාරු වී අන් සතු නිවසකට මැදියම් රාත්‍රියේදී ඇතුළුවීමට තැත් කළ තැනැත්තෙකු අඹ ගසෙන් ඇද වැටී තුවාල ලබා රෝහල් ගතකිරීමේ පුවතක් පොල්පිතිගම පොලිසියෙන් වාර්තා විය.
පොලිසිය පවසන ආකාරයට සිද්ධිය මෙසේය.
නිවස අසල ඇති අඹ ගසක ආධාරයෙන් වහලයට මාරු වීමට මෙකී තැනැත්තා ඉකුත් 15 වෙනි දින මැදියම් රාත්‍රියේදී තැත් කළ අවස්ථාවේදී එකී නිවසේ බල්ලන් බුරන ශබ්දයට නිවැසියන් විදුලි පහන් දල්වා දොරවල් විවෘත කර එළියට පැමිණ ඇත. ඒ අවස්ථාවේදී වහලය මත සිටි මෙම තැනැත්තා කලබලයට පත්ව අඹ ගසේ අත්තක ආධාරයෙන් යළි බැස පලා යෑමට තැත් කිරීමේදී අඹ අත්ත කඩාගෙන බිමට ඇද වැටී තිබේ.
ඒ සමඟම නිවැසියන් ඒ බව පොලිස් හදිසි ඇමතුම් (119) අංශයට දුන් තොරතුරු මත පොල්පිතිගම නියදවනය ප්‍රදේශයේ පිහිටි එම නිවසේ මිදුලේ වැටී සිටි තැනැත්තා අත්අඩංගුවට ගෙන ඒ මොහොතේම පොල්පිතිගම දිසා රෝහලට ඇතුළත් කළ බව පොලිසිය සඳහන් කළේය.
ගසෙන් බිමට ඇද වැටීමෙන් ඔහුගේ පාදයට තුවාල සිදුවී ඇති බැවින් වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහලට මාරු කර යවා ඇති අතර ඔහුගේ තත්ත්වය බරපතළ නොබන බව රෝහල් සේවකයෙක් ප්‍රකාශ කළේය. වහලයට මාරු වී නිවසට ඇතුළුවීමට මෙම තැනැත්තා තැත් කළ අස්ථාවේදී මෙකී අනතුරට පත්ව ඇති බවට තොරතුරු අනාවරණය වෙන බැවින් ඒ ඔස්සේ වැඩිදුර පරීක්ෂණ අරඹා ඇතැයි පොල්පිතිගම පොලිසිය පැවසීය.
2025 ඔක්තෝබර් මස 08
1573
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1366
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
489
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
අඹගහෙන් ඇදවැටී හොරගමන මාට්ටු