IMG-LOGO

අම්ම බලාගත් හිලව්වට පුතා බැංකු කාඩ්පත් ඇපේට තියාගෙන

(රාජාංගණය – නුවන් කුමාර)
තම මව  රැකබලා ගත්තාට හිලව් වශයෙන් මුදල් ලබා දෙනතුරු ඇගේ බැංකු කාඩ් පත හා  රෝහල් සායනයෙන් ඖෂධ ලබාගන්නා කාඩ්පත ඇපයට තබාගත් අපූරු අජාසත්ත පුතෙකු පිළිබද පුවතක් තඹුත්තේගම පොලිසියේ සුළු පැමිණිලි අංශයෙන් වාර්තා වෙයි.


සිද්ධිය සැකෙවින් මෙසේය.


රජයේ රැකියාවක් කළ තම සැමියා මිය යෑමෙන් පසු  තම දරුවන් තිදෙනා මහත් වෙහෙසක් දරා  ‍මව විසින් රැක බලාගෙන ති‍බේ. සැමියා මිය යෑමෙන් පසු ඇයට විශ්‍රාම වැටුප වශයෙන් මසකට රුපියල් 37,000ක මුදලක් හිමිවී ඇති අතර දැනට අවුරුදු 87ක් වයසැති වයෝවෘද්ධ මෙම  මව  දුරබැහැර ප්‍රදේශයක ජීවත්වන ඇගේ දියණියන් දෙදෙනා  විසින් මාරුවෙන් මාරුවට රැක බලාගෙන ඇත.


දිනක් මව බැලීමට ගිය ඇගේ පුතා මව ටික දිනක් තම නිවසට ගෙන යෑමට තම සහෝදරියන්ගෙන් අවසර ඉල්ලා තිබේ. සියලුම දෙනාගේ එකඟතාව මත මව නිවසට රැගෙන ආවද  ඇය ගැන සොයාබැලීමට පුතා අමතක කළත් මාසිකව  ඇයට ලැබෙන රුපියල් 37,000ක මුදල ලබාගෙන ඇත.


දියණියන්  දෙදෙනා තම මවගේ සුවදුක් බැලීමට පසුගිය දිනක පැමිණි විට තමන්ට පුතා නොසලකන බැවින් නැවතත් දියණියන්  සමග යෑමට අවශ්‍ය බවත් මව පැවසීම නිසා ඔවුන්ද එයට එකඟ වී ඇත. කෝපයට පත් පුතා තම සහෝදරියන්ට බැනවැදී මාස එක හමාරක්  මව තමන් රැකබලා ගත් බවත් මුල් මාසයට හිලව් වීමට රුපියල් 37,000ක මුදල ලබා ගත්තත් ඉතිරි මාස බාගයට හිලව් වීමට රුපියල් 20,000ක මුදලක් ඉල්ලා තිබේ.


පසුව මුදල් ලබාදීමට සහෝදරියන් එකඟ වුවද මෙම සහෝදරයා එය පිළිගත නොහැකි බැවින් එම මුදල ලබා දෙනතුරු තම මවගේ බැංකු කාඩ්පත හා රෝහලේ සායනයෙන් ඖෂධ ලබාගන්නා කාඩ්පත ඇපයට තබාගෙන ඇත.


මෙම ආරවුල තඹුත්තේගම පොලිසිය දක්වා පැමිණ ඇති අතර මව්පියන්ගේ වටිනාකම හා මව්පියන් රැක බලාගැනීම දරුවන්ගේ යුතුකමක් බවත් එය නීතියෙන් පවා තහවුරු කර ඇති බවත් පෙන්වා දෙමින් දැඩි අවවාද ‍කිරීමට සුළු පැමිණිලි අංශයේ ස්ථානාධිපති උ.පො.ප. චන්ද්‍රදාස මහතා කටයුතු කර තිබේ.


කෙසේ වුවත් අදාළ මුදල් ලබා දෙනතුරු ඇපයට තබාගත්  කිසිවක් නැවත ලබාදීමට මෙම පුත්‍රයා එකඟවී නැති බව වාර්තා වේ.

 



අදහස් (0)

අම්ම බලාගත් හිලව්වට පුතා බැංකු කාඩ්පත් ඇපේට තියාගෙන

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 127 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 400 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 63 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site