IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


අම්මා අක්කාට උදව් කරනවාට මල්ලී සීසීටීවි හයි කරලා

අක්කගේ නිවස පිහිටියේ මල්ලීගේ නිවසට යාබදය. ඔවුන්ගේ පියා ඔවුන් කුඩා කලම මියගොසිනි. මව දරුවන්ට කරදරයක් වේයැයි සිතා දෙවැනි විවාහයක් කර නොගත්තාය.


ඇය කෙසේ හෝ දරුවන් උස්මහත් කළා පමණක් නොව තමා සිටිනා නිවසට අමතරව දියණිය සඳහා ද නිවසක් සෑදුවේ, තම සොහොයුරාගේ උපකාරය ඇතිවය. 


වසර කිහිපයක් ගතවිය. පුතාට රජයේ රැකියාවක් ලැබිණ. ඔහු විවාහ වූයේ පෞද්ගලික ආයතනයක තරුණියක සමඟය. මව දියණිය කම්කරු රැකියාවක නියුතු යහපත් තරුණයෙකුට විවාහ කර දුන්නාය.
දිනක් අසල්වැසි කාන්තාවක් පුතාට තොරතුරක් දුන්නාය.


‘‘බලන්නකෝ මල්ලී ඔයයි නෝනයි වැඩට ගියාම අක්කා ඔයාගේ ගෙදරට ඇවිල්ලා කෑම බීම මලු පිටින් අරන්  යනවා.’’


කතාව විශ්වාස කළ ඔහු තම නිවසේ ඇති ආහාර ද්‍රව්‍ය ලැයිස්තුවක් පිළියෙළ කළේය.


මව උදේම අවදිවී පුතාටත් ලේලියටත් ආහාර පිස අවසන් වී තම කාමරයට ගොස් විවේක ගැනීම සිරිතය. එවිට පුතා කුස්සියට ගොස් ඉතිරිව ඇති හාල්, පිටි, සීනි, පරිප්පු යනාදිය තම ඉලෙක්ට්‍රොනික තරාදියෙන් කිරා පොතක සටහන් තබයි. නැවත සවසට පැමිණ එම ආහාර ද්‍රව්‍ය කිරා බලා අඩුදැයි බලයි. එයද දිගටම මවට හොරෙන් කිරීමට අපහසු විය. දින කිහිපයකින් පුතා නිවෙසට සීසීටීවී සවි කළේය. එහෙත් කිසිදා ඔහුට අසල්වැසි කාන්තාව දුන් තොරතුරු ඔප්පු කර ගැනීමට නොහැකි විය.
(ක්‍රිස්ටෝපර් සීපියන් - අනුරාධපුර)



අදහස් (1)

අම්මා අක්කාට උදව් කරනවාට මල්ලී සීසීටීවි හයි කරලා

Pradeep Kumara Thursday, 27 January 2022 10:04 PM

පුදුම සහෝදරකමක්. තමන්ගේ ගෙදර අයට වැඩිය පිට එවුන් විශ්වාස කරපුවාම ඔහොම වෙනවා.

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 49 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 842 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 609 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site