IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


අම්මාට පාට් දැමූ ආරක්ෂකයාට තරුණිය දැක්කාම හදවත උණුවෙලා

ඉරිදා දිනයේ කොළඹ මහ රෝහලේ බාහිර රෝගි අංශයට පැමිණි රෝගීන් සතියේ දිනවලට වඩා අඩුවිය. බොහෝ අය වායෝවෘද්ධ කාන්තාවන් සහ පිරිමින්ය. වාඩිවීමට අසුන් නොමැති සමහරුන් දොරටුව අසල බිත්තියට හේත්තු වී සිටියේ තම වාරය පැමිණෙන තුරුය.


එතැනට කඩා වැදුණු පෞද්ගලික ආරක්‍ෂක අංශයේ තරුණ ආරක්‍ෂක නිලධාරීයෙක්, “ඔතන කව්රුවත් ඉන්න එපා. වාඩිවෙන්න. වාඩිවෙන්න” යැයි ගෝරනාඩු කළේය. බිත්තියට හේත්තු වී සිටි රෝගීහු ඉවත් වූහ. වයෝවෘද්ධ කාන්තාවක් බිත්තියට හේත්තු වී නින්දේ පසුවූවාය.


ආරක්‍ෂක නිලධාරියා, “අම්මේ ඔයාටත් එක්ක තමයි කිව්වේ මෙතන ඉන්න එපා. මෙතැනින් ට්‍රොලි අරන් යනවා” යැයි කේන්තියෙන් පැවසීය. තිගැස්සී අවදි වූ කාන්තාව “පුතේ මේ ඉන්ජෙක්සන් එක දොස්තර මහත්තයාට දීලා විදගන්න ඕනේ” අහිංසකව පැවසුවාය. “ඒ වුණාට මෙතන ඉන්න එපා” ඔහු කීය. ඇය එතනින් ඉවත්වී ඈතට ගොස් බිත්තියකට හේත්තු වූයේ අසනීප ගතිය නිසා විය යුතුය. ආරක්‍ෂක නිලධාරියා ඇය අසලට පැමිණ “ඔතනත් ඉන්න එපා. ඔතන හිටියොත් නම් ඇතුළට යවන්නේ නැහැයි” පැවසුවේ ආවේගයෙනි. 


“එයාට අම්මා කෙනෙක් නැතුව ඇති සල්ලි නැති අය තමයි ආණ්ඩුවේ ඉස්පිරිතාලෙට එන්නේ. ලෙඩෙකුටවත් අනුකම්පාවක් නැති මිනිහෙක්” ළඟ සිටි අයෙකුට පැවසූ රෝගියෙක් ඔහුගේ අසුන ඇයට පිරි නැමීය. කඳුළු පිරි දෙනෙතින් යුතු කාන්තාව වාඩි වූවාය.


ආරක්‍ෂක නිලධාරියා හිතවත් තරුණියක් පිටවෙන දොරෙන් ඇතුළු කරගත්තේ රෝගීන් ද බලා සිටියදීය.
ක්‍රිස්ටෝපර් සීපියන්



අදහස් (0)

අම්මාට පාට් දැමූ ආරක්ෂකයාට තරුණිය දැක්කාම හදවත උණුවෙලා

පිටබැද්දර ජයා Wednesday, 24 August 2016 04:29 AM

කෙනෙක් හැදෙන්නේ ආගම දහම තුළින් (ම)

:       0       0

ලක්ෂි Wednesday, 24 August 2016 06:17 AM

රජයේ රෝහල්වල සාත්තු සේවකයොයි, අාරක්ෂක නිලධාරී තනතුර දරන අයයි රෝගීන්ට සළකන විදිය දැක්කහම හරිම කළකිරෙනවා (නි)

:       0       0

චතුරි Tuesday, 23 August 2016 02:26 AM

මම හිටියා නම් කණ රත්වෙන්න දෙනවා (නි)

:       0       0

අබේරත්න Thursday, 25 August 2016 07:34 AM

අරවින්ද,මේ ලෝකේ ආගම් බිහිවෙන්නට කලින් මනුෂ්‍ය ශිෂ්ටාචාරයක් තිබුනා ලෝකයේ විවිධ රටවල්වල. ආගම් වලින් සිදු වුන දෙයක් තමයි මිනිසුන් තවත් බෙදීමකට ලක් වුණු එක. මිනිසාගේ සිතුම් පැතුම් සත්වයින්ට වඩා දියුණු නිසා මනුස්ස ගුණ ධර්ම සොබාවයෙන්ම ඔවුන්ට ලැබුනා. (බ)

:       0       0

හිමාල් Tuesday, 23 August 2016 03:27 AM

සමහරවිට ඊට කලින් මෙහෙම ඉඩදීලා ඒ නිලධාරියාට ප්‍රශ්නයක් වෙන්න ඇති. (නි)

:       0       0

අරවින්ද Tuesday, 23 August 2016 12:28 PM

කතාවෙන් නම් සමහර අය සිංහල බෞධ නමුත් කරන්නේ නම් මහ නරක වැඩ. (අ)

:       0       0

පිටබැද්දර ජයා Tuesday, 23 August 2016 05:50 AM

ඔන්න මඩු වලිගයක්වත් තිබුණා නම් වැඩක් ගන්න තිබුනා. (නි)

:       0       0

ආර්නෝල්ඩ් Wednesday, 24 August 2016 08:48 AM

තම පන්තියේ එකාම තමයි හැම වෙලාවේම තමන්ගේ කරුමෙට එන්නේ. නැතිබැරිකමට හැමතිස්සෙම ගොරවන්නේ ඔරවන්නේ නැති බැරි එකාම තමයි. (නි)

:       0       0

තෙන්නකෝන් Tuesday, 23 August 2016 05:56 AM

නීතිය ක්‍රියාත්මක කළයුතු වුණත් මොහු කරලා තියෙන්නේ තමන්ගේම අම්මාටත් නිගරුවෙන වැඩක් (නි)

:       0       0

මහේෂ් Tuesday, 23 August 2016 05:58 AM

උස් තැන් දැක හැකිළෙන්නේ.... මිටි තැන් දැක පුප්පන්නේ... අහිංසක මනුස්සයෙක්ට පාට් එක දාලා තමන් හරි පොරක්, ලොක්කෙක් කියලා සමාජෙට පෙන්නන්න හදන්නේ දුර්වල පෞරුෂයක් තියෙන අය. මේ බොරු චණ්ඩියත් ඒ වගේ. ඔතනට ඇමතියෙක් හරි ලොක්කෙක් හරි ආවා නම් බලාගන්න තිබුනා වැඩේ. දෙකට තුනට නැමිලා අාචාර කරයි. පව් අහිංසක අම්මා. මනුස්සයෙක්ගේ වටිනාකමක් නොදන්නා මෙහෙමත් දුර්ජනයෝ! (නි)

:       0       0

ජනහිත Friday, 26 August 2016 04:54 AM

අඩු ගානේ කාට හරි කරුණාවක් දක්වපු එක ඇති. (ම)

:       0       0

උදය Wednesday, 24 August 2016 12:44 AM

අරවින්ද, ඔතන ප්‍රශ්නය තියෙන්නේ ආගමේ නොවෙයි එක එක්කෙනාගේ හැදියාවේ. (නි)

:       0       0

භද්‍රානි Tuesday, 23 August 2016 08:49 AM

මහේෂ් කියලා තියනවා වගේ ඔය වර්ගයේ නිලධාරීන් තමයි ලංකාවේ වැඩිපුරම ඉන්නේ. රටේ අවාසනාවටද, අපේ කරුමෙටද ඔවැනි අමනයින් බහුලව සිටින්නේ කියලා තමයි හිතාගන්න බැරි? (නි)

:       0       0

රුවන් Monday, 22 August 2016 09:48 PM

කළගුණ නොදත් එකෙක් (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 78 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 877 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 616 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site