IMG-LOGO

2025 සැප්තැම්බර් මස 08 වන සඳුදා


අම්මකුගේ උත්තරේට විදුහල්පති තමන්ටම ගහගෙන

කැබිතිගොල්ලෑව - හේමන්ත රණසූරිය
මත් ගුලියක් නිසා රජරට පළාතේ අතිදුෂ්කර පාසලක විදුහල්පතිවරයකුට තමාටම වේවැල් ප්‍රහාරයක් එල්ලකර ගැනීම‍‍ට සිදුවූ පුවතක් ඉකුත් දිනක අසන්නට ලැබුණි.
මෙම පාසලේ අධ්‍යාපනය ලැබූ බො‍හෝ දෙනා අඩු ආදායම්ලාභී මව්පියන්ගේ දරුවෝය. මෙම මවුපියන් බොහෝ පිරිසකට අධ්‍යාපනය පිළිබඳ අවබෝධයක් නොතිබුණු අතර ඇතැම්හු ‘‘උපන් තේකට”‍ පාසල් අධ්‍යාපනයක් නොලැබුවෝය. 
මෙම පාසලේ එකොළහ ශ්‍රේණියේ දරුවන් කීපදෙනකු අවස්ථා ගණනාවකදීම මත්ද්‍රව්‍ය භාවිත කර ගුරුවරුන්ගේ අතට අසුවූ අවස්ථා බොහෝය. ඒ සෑම අවස්ථාවකම ගුරුවරු ඔවුන්ට අවවාද දී  දඬුවම් කොට මවුපියන් පාසලට ගෙන්වා තරයේ අවවාද දී යළි ඔවුන් පාසලට භාර ගැනීමට ද ක්‍රියා කළහ.
මේ අතර පාසලට අලු‍තින් පත්වීම් ලැබ විදුහල්පතිවරයෙක් පැමිණියේය. පාසලේ විනය තදින්ම සැලකූ ඔහු එදින පාසලේ අහුමුලුවල රහසිගත සංචාරයක යෙදෙද්දී පාසලේ එකොළොස් වැනි ශ්‍රේණියේ සිසුවකු මත් ගුලියක් ගිල දමනු ඔහුගේ උකුසු ඇසට හසුවිය. 


අලු‍ත් විදුහල්පතිතුමා  මත්ගුලිය ගිල දැමූ සිසුවාගේ කනෙන් අල්ලාගෙන කාර්යාලය දක්වා ඇදගෙන ආවේය. සිසුවාගේ මෑණියන් පාසලට වහා කැඳවාගෙන එන ලෙසද ගුරුවරයකු යතුරුපැදියක පිටත් කර යැවීමටද අමතක නොකළේය. 
කාර්යාලයේ කබඩ් එකක් උඩ වේවැල් තුනක් පේළියට තබා තිබුණි. ගුලි ගිල්ල සිසුවාගේ පශ්චාත්භාගයට ඉන් වේවැල් දෙකක් කැඩෙනතුරු සලකා අවසන් කර තුන්වැනි වේවැල අතට ගෙන සිසුවාගේ මව පැමිණි පසු එම වේවැලෙන් දඬුවම් කිරීමට සැරසී සිටියේය. 
මේ වෙලාවේ සිසුවාගේ මවද කාර්යාලයට පැමිණියාය. විදුහල්පතිවරයා පියකු සේ දැඩි ස්වරයෙන් තම පුත්‍රයාගේ වැරැද්ද ඔහුගේ මවට පවසා දඬුවම පිළිබඳවද මෑණියන්ට දැනුම් දී මෙම වැරැද්දේ ඇති බරපතළකම ගැඹුරින් පැහැදිලි කර දුන්නේය.
විදුහල්පතිතුමා සහ ගුරුවර ගුරුවරියෝ පිරිසක්ද කාර්යාලයේ සිටියහ. දඬුවම් ලැබූ සිසුවාගේ මවට ඒ පිළිබඳව වගේ වගක් නැති බව ඇයගේ මුහුණෙන් ඔවුන්ට දිස්විය. ඔවුන් සිතා සිටියේ එම මව  දරුවාට තදින්ම දෝෂාරෝපණය කරනු ඇතැයි කියාය. එහෙත් සිද්ධ වූයේ අනෙකකි.
‘‘පුතේ, උඹ වගේ මෝඩයෙක් නෑනෙ... බලාපන් ඔය ගුලිය ඉස්කෝලෙට එන්න කලින් ගෙදර දීම ගිල දාලා ඉස්කෝලෙට ආවනම් ඔහොම ගුටි කන්ඩ වෙන්නෙ නෑනේ.”‍ යැයි සිසුවාගේ මව ඇඟට පතට නොදැනී කීවාය.
ගුරුවර ගුරුවරියෝ සියලු‍ දෙනාම තුෂ්ණිම්භූත වී විදුහල්පතිවරයාගේ මුහුණ බැලු‍වෝය. කෝපය ඉවසාගත නොහැකි වූ විදුහල්පතිවරයා, තුන්වැනි වේවැලෙන් පහර කීපයක් තමාටම ගසාගෙන, වේවැල දෙකට කඩා, කාර්යාලයෙන් පිටවී ගියේ, සිසුවාගේ මෝඩ මවගේ ‘‘මොළය හෝදන්නට”‍ ජ්‍යෙෂ්ඨ ගුරුවරියකට පවරමිනි.



අදහස් (2)

අම්මකුගේ උත්තරේට විදුහල්පති තමන්ටම ගහගෙන

ආචාර්ය තිස්ස සේනානායක (PHD in Astrophysics) Friday, 16 February 2024 10:39 PM

දැන් ගුරුවරු දෙමව්පියන්ගෙත් මොළ හෝදන්න පටන් අරගෙන...!

:       3       5

BandaTuesday, 20 February 2024 01:24 PM

ගුරුවරු ‌හෝදන්නෙ මොළ නෙමෙයි බොල. ‌දෙමාපියන්ගෙ සාක්කු

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 565 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17370 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 708 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site