සුඛෝපභෝගී බස්රථයකි. එහි හිස් අසුනක් ළඟ අසුනක මැදිවියේ කාන්තාවකි. ඇයට බසයේ ජනේලයක් විවෘත කරන ලෙස ඇයද අවධානය ඒ සඳහා යොදවා අහුකුන්ටික කාන්තාවක් විසින් එම කාන්තාවගේ ගමන් බෑගයේ පැවැති රුපියල් ලක්ෂ තුනහමාරක රන්මාලයක් සොරා ගැනීමේ පුවතක් අවිස්සාවේල්ලට නොදුරු කොස්ගමින් වාර්තා වෙයි.
විස්තර වන අන්දමට සිද්ධිය මෙසේය.
බදුල්ලේ සිට කොළඹ දක්වා ධාවනය වන පෞද්ගලික බසයකි. ස්ථිර නිවහනක නොසිට තාවකාලික කුඩාරම්වල තාවකාලකිව දිවිගෙවමින් නයි නටවමින් දිවිගෙවන පිරිසක් මේ දිනවල කළුඅග්ගල ප්‍රදේශයේ ජීවත් වෙති. එම පිරිසේ කාන්තාවන් කණ්ඩායම්ක් තම දරුවනුත් වඩාගෙන මේ බසයට ගොඩ වූහ.
ඔවුහු තම අන්‍යතාව නොපෙනන ලෙස හොඳ ඇඳුම් පැළඳුම් වළින් සැරසී සිටියහ.
ඇතැමුන් තම වර්ගයා අතර පැවති පාරම්පරික ඇවතුම් පැවතුම් බැහැර කර ඇත. ඇතැම් අය රෑනෙන් මිදී ගෙවල් දොරවල් හදා ඒවායේ ජීවත් වෙති. නයි නැටවීම, ශාස්තර කීම අතහැර ඇඟලුම් කම්හල් හෝ පෞද්ගලික ආයතනවල රැකියාව කිරීමට පුරුදුව සිටිති. ඇතැම් තරුණ තරුණියන් සිංහල නම් පවා තබාගැනීම සහ සිංහල සිරිත් විරිත් අනුව ජීවත්වීම සුවිශේෂී කරුණකි.
එක අසුනක වාඩි වී බදුල්ලේ සිට කොළඹ දක්වා යන මැදිවියේ කාන්තාවකි. ඇය බදුල්ල ප්‍රදේශයේ රජයේ හෝ පෞද්ගලික ආයතනයක රැකියාවේ නිරතව සිට සති අන්තයේ නිවාඩුවට නිවෙස් බලා යන කාන්තාවක විය හැකිය. මෙදින පැය ගණනක් බසයේ ගමන් කිරීම නිසා විඩාපත් නිදිමත ඇයගේ මුවින් දකින්නට ලැබිණි.
එක් අසුනක තනිව ගමන් ගත් ඇය අසල අසුනේ වාඩිවී හුන් අහිකුණ්ඨික කාන්තාව ... අනේ! මිස් බස් එකේ ජනේලය වහලා තියෙන්නේ. ඒක නිසා මගේ දරවාට හුස්ම ගන්න අමාරුයි. පොඞ්ඩක් ජනේලය අරිනවා දැයි විමසුවාය.
“හා අරින්නම්”යි ඇය පැවසුවාය.
එම අවස්ථාව ප්‍රයෝජනයට ගත් කාන්තාව බදුල්ලේ සිට පැමිණෙමින් සිටි කතකගේ ගමන් බෑගය රහසිගත අයුරින් විවෘත කර රුපියල් ලක්‍ෂ තුන හමාරක් වටිනා රන්මාලය පැහැරගෙන තිබේ.
සැකකාරිය තවත් කාන්තාවක් සමග පොලිස් භාරයට ගත් කොස්ගම පොලීසිය ඔවුන් අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු සලසා තිබිණි.
නොයෙකුත් උප්පර වැට්ටි යොදාගනිමින් කන්තාවන්ගේ රන්මාල සොරාගත් පුද්ගලයකු රුවන්වැල්ල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන රුවන්වැල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇති බවද එම පුද්ගලයා මෙම මාලය සොරාගත් කාන්තාවගේ සැමියා බව වාර්තා වන බවද අවිස්සාවේල්ල අධිකරණ සංකීර්ණ පොලිස් මුරපොළේ නිලධාරීහු පවසති.
(අවිස්සාවේල්ල විශේෂ සෝමසිරි හිඟුරලආරච්චි)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
අමුතු වෙසින් ඇවිදින් අමුතු උපා යොදා රන්මාලයට විදලා