IMG-LOGO

අමුතුම තාලයේ ප්‍රශ්නයකට පවුලක්ම කුලී ගෙයින් එළියට

වියලු‍ව වාර්තාකරු 

පොරොන්දු වූ පිරිසට වඩා වැඩි පිරිසක් පදිංචිව සිටීම නිසා අමුතුම තාලයේ ප්‍රශ්නයක් ඇතිවන බව පවසා වෙනත් කුලී නිවෙසක් සොයා ගන්නැයි කියමින් කලක් තිස්සේ කුළි ගෙවමින් සිටි අඹු සැමි යුවළක් අත දරුවකු ද සමග කුලී නිවසකින් එළියට ඇද දැමූ බව කියවෙන පුවතකි.

සිද්ධිය මෙසේය.

දෙදෙනා රජයේ රැකියාවක නිරත අඹු සැමි යුවළකි. වයස අවුරුද්දක පමණ ළදරුවකු සිටීම නිසා දරුවා බලා ගැනීමට මෙහෙකාරියක් ද ඔවුන් සමග විසුවාය. රැකියාවට යාමේ පහසුව තකා ඔවුහු නගරයේ කුලි 

නිෙවසක පදිංචියට ගියේ වසරකට පමණ පෙරදීය. නිවෙස කුලියට ලබා දුන්න ද නිවසේ හිමිකරු නිවෙසට යන එන්නන් පිළිබඳ සිටියේ දැඩි විමසිල්ලෙනි. නිවෙසට පිටතින් කවුරුන් හෝ පැමිණියේ නම් ඔවුන් පිළිබඳ විමසීමට ද හෙතෙම අමතක නොකළේය.

දුර බැහැර පිහිටි ගම්මානයක ජීවත්වූ  පිරිමියාගේ මව හා පියා පසුගිය දිනක මෙම නිෙවසට පැමිණියේ නගරයේ මහ රෝහලේ පැවැත්වෙන සායනයකින් ප්‍රතිකාර ගෙන තම පුතාගේ නිවෙසේ දින කීපයක් රැඳී සිටිමින් ඔවුන්ගේ දුක සැපද විමසා යන්නටය.

මෙම අමුත්තන් පිළිබඳ විමසිල්ලෙන් සිටි කුලීකරු සවස් යාමයේ අඹු සැමි යුවළ රැකියාව නිම වී නිවෙසට එන තුරු බලා හිඳ ඔවුන් අමතමින් කියා සිටියේ එදින රාත්‍රියේම කුලී නිවෙසින් පිටව යන ලෙසය.

ඊට හේතුව විමසද්දී ඔහු පවසා සිටියේ නිවෙසේ සංඛ්‍යාව වැඩිවත්ම නිවසේ වැසිකිළි වළ පිරීයාම තමුන්ට ගැටලු‍වක් වන බැවින් මෙම තීරණය ගත් බවකි.

කෙසේ හෝ පසුදිනම තම මාපියන් නිවෙස් බලා පිටත් කළ ද කුලිකරුගෙන් ඔවුන්ට සමාවක් නොලැබිණි. අවසානයේ දී අඹුසැමි යුවළ තවත් දින දෙක තුනක් ඇතුළත නව නිවසක් සොයාගෙන වසරකටත් වැඩි කලක් සිටි පැරණි කුලි නිවෙසින් පිටව ගියේ තම ආයතනයේ සේවක පිරිසකගේ ද සහාය ඇතිවය.



අදහස් (0)

අමුතුම තාලයේ ප්‍රශ්නයකට පවුලක්ම කුලී ගෙයින් එළියට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 373 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 533 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 223 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site