IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


අමතක වූ පසුම්බිය ගෙදරටම ගෙනැවිත් දුන් ත්‍රිරෝද රථ රියැදුරෙක්

වියපත් රජයේ විශ්‍රාමික නිලධාරියකු වන මම පසුගිය සති අන්තයේ දෛනික කටයුතු සඳහා නගරයට ගියෙමි. ආපසු නිවසට පැමිණි විට මාගේ මුදල් පසුම්බිය අස්ථානගතවී ඇති බැව් දුටුවෙමි. මාගේ ලියකියවිලි කාඩ්පත් ජාතික හැඳුනුම්පත මුදල් ජංගම දුර කථනය ආදිය එහි  විය. මට කළ හැකි එකම දේ වූයේ එම පසුම්බියේ තිබූ මාගේ ජංගම දුරකථනයට ඇමතුම් කීපයක් දීම පමණි. එය නාද වුවත් ප්‍රතිචාරයක් නොවුයෙන් මම තව තවත් නොසන්සුන්තාවට පත්වීමි.


එහෙත් ඊට ටික වෙලාවකට පසු මාගේ නිවසේ දුර කථනයට ඇමතුමක් ලැබුණි. ඉන් කියවුණේ මාගේ නැතිවූ පසුම්බිය මා නිවසට ආ ත්‍රිරෝද රියෙහි තිබූ බවය. එය රැගෙන පැමිණෙන බැව් එම රියදුරු මහතා මට දැන්වීය. කී පරිදිම ඔහු එම පසුම්බිය මා නිවසට රැගෙන විත් එය මා අතටම බාර දුන්නේය. ඔහු මහනුවර නුවරවෙල අම්පිටිය පාරේ පදිංචි ජී.පී.ඒ.ඒ. බණ්‍ඩාර නම් විය. ඔහු බුදු දහම පිළිබඳ මනා දැනුමක් ඇති බොදු වත් පිළිවෙත් සුරකින යහපත් ගුණධර්ම ඇති පුද්ගලයකු බව මට වැටහිණි. මිනිස් ගුණධර්ම ගිලිහී ගිය මෙවන් යුගයක අවංක මිනිසුන් අගය කළ යුතු බැවින් ඔහු පිළිබඳ රටට කියන්නට මෙසේ ලියා දන්වමි.
සිරිල් වික්‍රමසිංහ 
මහනුවර.



අදහස් (3)

අමතක වූ පසුම්බිය ගෙදරටම ගෙනැවිත් දුන් ත්‍රිරෝද රථ රියැදුරෙක්

pradeep Saturday, 16 May 2020 02:30 AM

විශිෂ්ටයි බණ්ඩාර මහත්තයෝ. නැතිවී යන අපේ මානුෂිය ගුණ දම් රැක්කාට ඔබට පින්. පුද්ගලයින්ගේ චරිතය කරනා රැකියාවෙන් මනිනා මෙවන් අවධියක ත්‍රි රෝද රථ රියදුරන් ගැන සමාජයේ පවතින්නේ හොඳ දැක්මක් නොවේ. නමුත් "ගිලි මලෙත් ඇත දත සුද්දෝ" යන උපහැරණය නැවත මතක් කළ ඔබට ජය.

:       0       49

de silva Saturday, 16 May 2020 08:56 AM

මෙවැනි මනුෂ්‍යයෝ විශාල ප්‍රමාණයක් ලංකාවේ තවම ඉන්නවා

:       0       15

Lal Saturday, 16 May 2020 09:33 AM

සත්පුරුෂයෙක්....

:       0       27

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 237 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 73 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 773 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site