IMG-LOGO

2025 නොවැම්බර් මස 04 වන අඟහරුවාදා


‘අමුඩෙ’ මතක් කළාම ‘ගොඩ වෙදාට’ යකා නගී

ගව පාලනයේදී ගවයන්ට වැළඳෙන අතුරු ආබාධ සහ රෝග  බොහොමයකට අත් බෙහෙත් වලින් ප්‍රතිකාර කරන වෙද මහතකුට පසුගිය දිනෙක  නොසිතූ පරිදි අකරතැබ්බයකට මුහුණ පෑමට සිදුවිය.

රජරට පළාතේ එක්තරා ගමක ජීවත් වන මෙම වෙද මහතා එම ප්‍රදේශය පුරාම ජනප්‍රිය වී සිටියේ ‘‘ගොඩ වෙද මහත්තයා’’ යනුවෙනි. හෙතෙම මැදවිය පසු කරමින් සිටි තැනැත්තෙකි.

දිනක් එම ගමේ ඉස්කෝලේ පිට්ටනිය අසල එළදෙනෙකු විසින් පැටියෙකු ප්‍රසූත කර සිටි අතර එම පැටියා සිට ගැනීමට නොහැකිව වැටී සිටින්නේ කුමක් හෝ හඳුනා නොගත් රෝගයක් නිසා යැයි සැක සිතූ එම පාසලේ ප්‍රින්සිපල් නෝනා මෙම ගොඩ වෙද මහත්තයා එතැනට කැඳවා තිබුණි.

ඉතා හුරුබුහුටි මෙම වහුපැටියා බැලීමට එදින තරුණ ගුරුවරියෝ දෙතුන් දෙනෙක් ද එතැනට ආවෝය.

එතැනට පැමිණි වෙද මහතා  වහුපැටියා පරීක්ෂා කළේය. ඔහු සිය ඔලුව වනමින් කිසියම් නිගමනයකට එළැඹියේය.

‘‘ලොකු  නෝනා, මේ වහුපැටියා ඉස්කෝල මිදුලේ අඹ ගහ  යටට අරගෙන යමු’’යනුවෙන් පවසා ඇඳ සිටි සරම කැසපොට ගසා පැටියා උඩට ඔසවා ගත්තේය. එකෙනෙහිම තරුණ ගුරුවරියෝ දෑතින් මුහුණු වසාගෙන ආපිට හැරී පස්ස නොබලාම ලොකු මිස්ගෙ ගුරු නිවාසයට පැන ගත්හ.

‘‘හා හා නෝනලා බයවෙන්න එපා මේ පොඩි පැටියා අනින්නේ නෑ’’යනුවෙන් ගොඩ වෙද මහතා පැවසීය.

එවිටම ප්‍රින්සිපල් නෝනා කලබල වී

‘‘නෑ නෑ ගොඩ වෙද මහත්තයෝ ඕක අනින්නේ නෑ තමයි. ඔය පැටියාව බිම තියලා උඹේ සරම හරිගස්සා ගනිං’’ යයි පවසනවාත් සමගම වෙද මහතා වහුපැටියාගේ එක කකුලක පැටලී උඩට එසවී තිබුණු තම  සරම දැක වසුපැටියාද බිම දමා තමා පැමිණි බයිසිකලයත් නොගෙන එතැනින් අතුරුදන් විය.

මේ සිද්ධියෙන්  පස්සේ ගමේ ගොඩේ කොල්ලෝ කුරුට්ටෝ ගොඩ වෙද මහත්තයා දකින හැම  වාරයකම ජනප්‍රිය ගීතයක අවසාන පදය හඬ නගා ගායනා කරනවලු.‘‘මොකක් හරි හේතුවක් හින්දා අමුඩෙ අමතක වෙලා තිබියන්’’ යන පදය ඇසෙන විට ගොඩ වෙද මහත්තයාට යකා ආවේස වෙනවාලු.

කැබැතිගොල්ලෑව-හේමන්ත රණසූරිය



අදහස් (1)

‘අමුඩෙ’ මතක් කළාම ‘ගොඩ වෙදාට’ යකා නගී

Iaresa Tuesday, 14 March 2023 10:14 AM

ගොඩක් හොඳයි .ඒ වගේ කතා තවත් එවන්න

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1926 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1534 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 535 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site