IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


අපේ‍්‍රල් 01 වැනිදා ගෝනමස් කන්න ගිහින් සල්ලිත් මසුත් දෙකම නැතිවෙලා

අපේ‍්‍රල් පළමුවැනිදා ගෝන මස් කන්නට ගිය පිරිසකට ගෝන මසුත් මුදලත් අහිමිවී යෑමේ පුවතක් සීගිරිය, හතරේ කණුව ප‍්‍රදේශයෙන් වාර්තා විය. සීගිරිය හතරේ කණුව ත‍්‍රිරෝද රථ රියැදුරන්  පළමුවැනිදා අලූයම නගරයට පැමිණ දඩමස් වලට ගිජුවූ රජයේ නිලධාරීන්ට ගම්වැසියන්ට මෙන්ම ව්‍යාපාරිකයන්ටත් ප‍්‍රචාරයක් හැරියේ ගෝනෙකු මරා මස් තිබෙන බවත් කිලෝවක් රුපියල් 300 බැගින් ලබාදෙන බවත්ය. ප‍්‍රදේශයේ එවැනි සතකු මැරුවහොත් මුදල් එක්  අයකු එකතුකොට කැලෑවට ගොස් රහසිගතව මස් පාර්සල් නිවසටම රැගෙන ගොස් දීම සිදුවනනකි. ගෝනමස් කන්නට ගිජුවූවන් රුපියල් 4000ක් තරුණයන් අත තැබුවේ ගෙදරට මස් කිලෝව, දෙක යවන ලෙස ඉල්ලා සිටිමිනි. එ අනුව තරුණයන් කීප දෙනෙකුගේ නිවසේවලට අල කොළවල එතූ ලෑටියා පාර්සල් යවා ඇත. දුන් මුදලට මස් නොමැති බව පවසමින් මුදල දුන් අය තරුණයන්ගෙන් විමසීමට එද්දී ප‍්‍රදේශයේ කසු කුසුව පැතිර ගොස් තිබුණේ අපේ‍්‍රල් පළමුවැනිදා ගෝනමස් කන්නට ගිය පිරිසක් රැවටී ඇති බවයි. එසේ රැවටුණු පිරිස හඳුනා ගැනීමට තරුණයන් පිරිසක් රැඳී සිටින බවයි. ඒ අනුව මුදල් දුන් බොහෝ දෙනා මුදලේ ඇති ආශාව අතහැර දැමුවේ ලැජ්ජාවෙන් බේරීම සඳහායි.



අදහස් (0)

අපේ‍්‍රල් 01 වැනිදා ගෝනමස් කන්න ගිහින් සල්ලිත් මසුත් දෙකම නැතිවෙලා

ලසන්ත Tuesday, 03 April 2012 11:22 AM

මේවා සෙල්ලම් නෙමේ. මේවගේ වැඩවලට සහභාගීවෙන එක්ත වරදක්. සල්ලි දීපු ඔක්කොම ගෙනියන්න ඕන පොලීසියට.

:       0       0

හසිත Tuesday, 03 April 2012 02:05 PM

අල කොළවල එතූ ලෑටියා කියන්නේ මොනාද ?

:       0       0

චමින්ද කටුගස්තොට Tuesday, 03 April 2012 02:24 PM

හොද වැඩේ මස් පෙරේතයන්ට

:       0       0

රුවිනි. Tuesday, 03 April 2012 03:35 PM

පව් කාරයන්ට ඔහොම වෙලා මදි

:       0       0

කීත් Wednesday, 04 April 2012 04:17 AM

නියමයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 28 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 121 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 922 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site