IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


අනියම් බිරිය යැයි සිතා සැමියාගේ යතුරු පැදියේ ගිය නෑනාට කුඩෙන් තඩි බාලා

කරන්දෙණිය එම්.සුසිල් පි්‍රයන්ත

වැරදි කණ්ණාඩියෙන් බලා සැමියාගේ යතුරු පැදියේ පිටු පස සිටි නෑනාට කුඩයක් කැඩෙන තෙක් නෙළු නෝනා කෙනෙක් පිළිබඳව දකුණේ නගරයකින් වාර්තාවේ.

දෙදෙනාම එකම නගරයේ දෙතැනක රැකියාව කළහ. සැමියා වැඩ කරන තැනින් ඔහු පිළිබඳ ලැබුණු තොරතුරු ඒතරම්ම යහපත් වූ ඒවා නොවීය. එය කනින් කොනින් ලැබුණු තොරතුරු නිසා ඇය ඒවායේ නොඑල්ලු‍ණාය. එහෙත් ඒවා බැහැර නොකර යටි සිතේ ගබඩා කරගෙන සිටීමට ද අමතක නොකළාය.

එදා දහවල සිය ආයතනය ආසන්නයේ ඖෂධ අලෙවි සලකට ගොඩවීමට ඇය ගියේ හදිසි අවශ්‍යතාවක් සඳහා යම් දෙයක් මිලදී ගැනීමටය. එසේ යන දිහාවේ තමා යන දිහාවට මුහුණලා සිය සැමියා නතර කරගෙන සිටි යතුරු පැදියට ඖෂධ අලෙවි සලෙන් කඩිමුඩියේ එළියට පැමිණි කතක් හිස් ආවරණයක් ද පැලද ගොඩවනු දුටු කළ දෙඇස් පැටළුනු ඇයට දෙලොව සිහිවිය.

ඒ සමගම මරු විකලෙන් මෙන් ඉදිරියට දිව ගිය ඇය අත මිට මොලවා ගෙන සිටි කුඩයෙන් සැමියාගේ යතුරු පැදියේ පිටුපස වාඩිවී යාමට සූදානම්වූ කාන්තාවට අත දිගහැර නෙළුවේ අද අතටම අසුවුණා යයි කියමිනි. 

සැමියා යතුරු පැදිය හරවාගෙන සිටි අන්තයේ කුලියට කාමර දෙන තැන් අනන්තවත් ඇති හෙයින් සහ තමා සහේට ගත් දා සිට තමා හැර වෙනත් කාන්තා පරාණයක් ඔහු යතුරු පැදියේ නංවාගෙන යනු නොදුටු නිසාත් ඖෂධ අලෙවි සලට කාන්තාව ගොස් ඒමත් සමගම ඇය තව තවත් අවේශවී මේ කතට කුඩෙන් ගැසුවාය.

‘‘ඕයි මොකද මේ අඳුනන්නේ නැද්ද? මේ මගේ නංගි.... අපේ තාත්තාට අමාරුයිලු‍ නංගියි මායි මේ පාමසියෙන් බෙහෙතක් අරන් ඉස්පිරිතාලෙට යන්න යනවා. ඔහේටවත් කියන්න වෙලාවක් වුණේ නැහැ. නංගි මට තාත්තාගේ තත්ත්වය කිව්වේ නංගි බෙහෙත් ගන්න පාමසියට ආපු වෙලාවේ. මමයි කිව්වේ නංගිට මම එනකම් ඉන්න කියලා, යැයි ඔහු කීවිට ඇය දෙවරක් නොසිතා නෑනාගෙන් සමාව අයැද සිටියාය.



අදහස් (1)

අනියම් බිරිය යැයි සිතා සැමියාගේ යතුරු පැදියේ ගිය නෑනාට කුඩෙන් තඩි බාලා

rK Thursday, 02 March 2023 03:40 AM

පොඩ්ඩක් නෝනාටත් කීවා නම් හොඳයි නේද?මොබයිල්ස් තියනවනේ

:       2       17

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 677 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17794 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 752 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site