සිය නීත්‍යනුකූල සැමියා හැරදමා අනියම් පුරුෂයකු සමග දීග කෑමට ගිය තැනැත්තියක වසර පහළොවකට පසු නීත්‍යනුකූල සැමියා දිවිහානිකර ගැනීමෙන් අනතුරුව ඔහුගේ වත්කම් හා දේපොළ ඉල්ලා සිටීමේ පුවතක් තලාතුඔය නගරයට නුදුරු ගමකින් වාර්තාවේ.
වෘත්තියෙන් වඩු කාර්මිකයකු වූ ඔහු හැරදමා බිරිඳ අනියම් පුරුෂයකු සමග දීග කෑමට ගිය හෙයින් ඔහු ද අනියම් බිරින්දෑ කෙනෙකු වෙත ළංවී තිබේ.
එහෙත් ඇය නීත්‍යනුකූලව විවාහ කර ගෙන නැත. දරුමල්ලන් ද ලබා ඇය සමග ජීවත් වූ ඔහු ඉකුත්දා ගෙළ වැළලාගෙන මිය ගියේය. පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව නීත්‍යනුකූල බිරිඳ වෙත මළ සිරුර භාර දෙන ලෙස අධිකරණය පොලීසියට නියෝග කළේය.
ඒ අනුව පොලිස් නිලධාරීන් දෙදෙනකු මියගිය පුද්ගලයාගේ නීත්‍යනුකූල බිරිඳ පිළිබඳ තොරතුරු සොයා විවිධ ප්‍රදේශවල සැරිසරා හඟුරන්කෙත නගරයට නුදුරු ගමක ඇය වෙසෙන බව දැන එහි ගොස් නීත්‍යනුකූල සැමියා මියගොස් ඇති බව දන්වා අධිකරණ නියමය අනුව සැමියාගේ දේහය බාරගන්නා ලෙස දැනුම් දී තිබේ.
ඒ අනුව ඇය නීත්‍යනුකූල සැමියාගේ දේහය බාර ගෙන එදිනම අවසන් කටයුතු නිම කළාය.
දින දෙකකට පසු එම තැනැත්තිය මියගිය පුද්ගලයාගේ නිවසට ගොස් මෙතෙක් අනියම් බිරිඳක් ලෙස සිටි තැනැත්තියට කියා ඇත්තේ තම සැමියාගේ වටිනා බඩුමුට්ටු හා මුදල් ඇති බවත් නීත්‍යනුකූල බිරිඳ ලෙස ඒවා තමාට අයත් බවත් තම සැමියා සතු දේපොළ හා වත්කම් තමා වෙත ලබාදෙන ලෙසත්ය.
“ඒ මිනිහාගේ ඇති බඩු මුට්ටුවක් නෑ, එදා වේල හම්බ කරගෙන තමා කෑවේ. අවුරුදු පහළොවක් යනතුරු සොයා බැලුවේ නෑ, මමයි කන්න බොන්න දුන්නේ, පොඩ්ඩක් ඉන්නවා මම බඩුමුට්ටු දෙන්නම් යයි පවසා ඇති ඇය නිවස තුළට ගොස් තිබේ.
අනතුරුව කියතක්, යතුකැටයක්, නියන් කිහිපයක්, අතකොලුවක් හා මිටියක් ද ඒවා දමා තිබූ හම් බෑගයක් ද මිදුලට විසිකර ‘‘ඔන්න නල්ලමලේ මිනිහගේ සබ්බ සකල මනාව තියෙනවා අරගෙන යනවා”..යි පවසා තිබේ.
අනතුරුව තම සැමියාගේ බඩුමුට්ටු හා දේපළ තමාට නුදුන්නේ යයි පවසා අනියම් බිරිඳ ට එරෙහිව ඇය පොලීසියට පැමිණිල්ලක් ද කර තිබේ.
2025 ඔක්තෝබර් මස 08
1915
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1526
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
534
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
අනියම් පුරුෂයකු සමග දීග කාලා මියගිය සැමියාගේ දේපළ ඉල්ලලා