IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


අනියම් පෙම හසුවී මිතුරාට බිරිද බාරදී සල්ලිත් දීලා

බිරිඳ හොඳම මිතුරා සමග අනියම් සම්බන්ධයක් ඇති කර ගෙන ඇති බව ආරංචි වී මිතුරාටම බිරිඳ බාර දී සල්ලිත් දුන් පුද්ගලයකු පිළිබඳව රත්නපුර දිස්ත්‍රික්කයේ එක්තරා ගමකින් පසුගියදා අසන්නට ලැබුණි.
සිදුවීම මෙසේය. 
 ඔහු එම මිතුරා සමග කලක පටන් සමීපව ඇසුරු කරන පුද්ගලයකි. කොටින්ම කියතොත් ඔහු කන්නේ බොන්නේ ගමන් බිමන් යන්නේ ද එකටය. ඔහු ප්‍රදේශයේ තරුණියක සමග ආදර සම්බන්ධතාවයක් පටන් ගෙන ඇති අතර එයට ද මේ මිතුරාගෙන් උපරිම සහයෝගයක් ලැබී තිබේ.
 එය විවාහය දක්වා රැගෙන යන්නත් විවාහයට තරුණියගේ මවුපියන් එකඟ කර ගන්නත් මේ මිතුරා උදව් කර තිබේ. එම තරුණිය ඉතා රූමත් අතර, ගේ දොර වැඩ වලට වඩා මුහුණු පොතේ වැඩවලට යොමු වී ඇත.


මේ පිළිබඳව ඔහු ඇයට අවවාද කර ඇත්තේ මුහුණු පොත වගේම ගේ දොර වැඩත් කරන ලෙසය. කෙසේ වෙතත් රැකියාවක් නොකරන මිතුරා පැමිණ ඇයගේ සහයට ගේ දොර වැඩ කරදී තිබේ. 
කලක් ගත වද්දී එක් දිනක් කාර්යාලයේ අමතක වූ ලිපි ගොනුවක් රැගෙන යාමට සිය නිවසට පැමිණි ඔහු දුටු දසුනින් අන්දුන් කුන්දුන්ව තිබේ. ඔහු පැමිණෙන බව නොදත් මිතුරා හා බිරිය නිදන කාමරයේ  සිටින අයුරු දුටු ඔහුට හීන් දහඩිය දමා තිබේ. ඔවුන් ශබ්ද ඇසෙනවාට නිවසේ දමා තිබූ රේඩියෝවේ ප්‍රේම ගීතයක් ගයමින් සිටි ගායකයාගේ කට වසා දැමු ඔහු දෙදෙනාට සාලයට අඬ ගසා ඇත.
බිරිඳට ඇඳුම් ලෑස්ති කර ගන්න ලෙස පවසා මිතුරා අමතා ඔහුට මුදල් දී ඇත්තේ රස්සාවක් සොයා ගන්නා තුරු ජීවත් වන්න කියාය. ඔහුගේම මෝටර් රථයෙන් දෙදෙනා නගරයට දැමු ඔහු මෝටර් රථය හරවා ඇත්තේ උසාවිය අසල නීතිඥවරුන් සිටින ප්‍රදේශයටය.


කලවාන උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම     
 



අදහස් (0)

අනියම් පෙම හසුවී මිතුරාට බිරිද බාරදී සල්ලිත් දීලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 434 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 241 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1031 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site