(උණවටුන ඩී.ජී. සුගතපාල)
ගාල්ල පොලිසියේ විවිධ පැමිණිලි අංශයේ ප්‍රධාන පොලිස් පරික්ෂක සනත් සුජීව මහතා පැමිණිල්ලක් විභාගයට ගත්තේය. පැමිණිලිකරු වූයේ හැට හැවිරිදි විශ්‍රාමික හමුදා සෙබළෙකි. විත්තිකරු වූයේ 48හැවිරිදි පුද්ගලයෙකි. දෙපාර්ශවයම එකම ප්‍රදේශයේ පදිංචිකරුවෝය.

පැමිණිලිකරු තම බිරිඳ සමග පැමිණ සිටි අතර වගඋත්තරකරු පනස් හැවිරිදි තම සොහොයුරිය සමග පැමිණ සිටියේය. පැමිණිල්ල විභාග කරමින් සිටියදී පැමිණිලිකරු රහසක් අනාවරණය කළේය. “විත්තිකරුගේ මේ අක්කත් එක්ක අවුරුදු පහක් තිස්සේ මගේ සම්බන්ධයක් තියෙනවා.’’
‘‘ඔව් මමත් ඒක දන්නවා’’ ඔහුගේ බිරිඳ කීවාය. එහෙත් එය අක්කා සහ මල්ලී ප්‍රතික්ෂේප කරමින් කියා සිටියේ එය බොරුවක් බවය. ඇයද විවාහක දරුවන් සිටින මවක් නිසා මෙසේ දැන් බොරු කියන බවත් ඇය සමග සිටින ඡායාරූප පවා තමන් සතුව තිබෙන බවත් පැමිණිලිකරු කියා සිටියේය.
මෙහිදී ප්‍රධාන පොලිස් පරික්ෂකවරයා පැමිණිලිකරුගේ බිරිඳ අමතා කියා සිටියේ ඔබගෙන් ලැබෙනවාට වඩා සැලකිලි ඇයගෙන් ලැබෙන නිසා එසේ යන්නට ඇති බවය.
දැන් දැන් දෙපාර්ශ්වයම එකිනෙකාට බරපතළ ලෙස චෝදනා කරන්නට පටන් ගත්තේය. පැමිණිලිකරු දිගින් දිගටම කියා සිටියේ ඇය සමග තමාගේ අනියම් සම්බන්ධයක් තිබෙන අතර එයට උරණවී ඇයගේ මල්ලී විසින් තමාට පහරදුන් බවය. මෙහිදී විත්තිකරුද කියා සිටියේ පැමිණිලිකරු ද තමාට පහරදුන් බවය.
කෙසේ වෙතත් අවසානයේ අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා පැමිණිලිකරුත් විත්තිකරුත් දෙදෙනාම අත්අඩංගුවට ගනු ලැබූහ.
2025 ඔක්තෝබර් මස 08
1429
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1300
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
469
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
අනියම් පෙමක රහස හෙළිවී විත්තියත් පැමිණිල්ලත් කූඩුවේ