IMG-LOGO

2025 සැප්තැම්බර් මස 09 වන අඟහරුවාදා


අනියම් පෙමක රස බැලු සැමියා නෝනට බයේ අමුතු පොතක් දාලා

හසලක සුනිල් ඒකනායක
විවාහක බිරිය සහ දරුවන් සිටියදී ඔවුන් තනිකොට වෙනත් පළාතකට ගොස් අනියම් විවාහයක් කර ගත් අයෙකු එය අතහැර නැවත නිවෙසට පැමිණ නතරවීමට යෙදූ උප්පරවැට්ටියක් අතේ පත්තුවීම නිසා දින කිපයක් නිවෙසින් බැහැරව යෑමට නොහැකි වූ 58 හැවිරිදි වියේ පසුවන ගැමියකු පිළිබඳ පුවතක් හසලකට නුදුරු ගම්මානයකින් වාර්තාවේ.
කවටකමින් සහ විවිධ උප්පරවැට්ටි යොදමින් ගමේ ජීවත් වූ දෙදරු පියකු වූ ඔහු ස්ථිර රැකියාවක් නොකළේය. මැණික් පතල්වල හා ගමේ කුලී වැඩවල නිරත විය. 
මීට වසර 15 කට පමණ ඉහතදී දිනක් නිවැසියන්ට නොදන්වා ඔහු අතුරුදන් විය. නිවැසියන් ඔහු ගැන සොයා බැලු‍වත් තොරතුරක් නොමැති විය. ඔවුන් සිතුවේ පතල් නඩයක් සමග කොහේ හෝ යන්න ඇතැයි කියාය.
වසර කීපයකට පසුව ඔහු ගැන තොරතුරක් ලැබුණි. ඔහු රත්නපුර ප්‍රදේශයේ පතල් වැඩපළක සිටින බවත් එම ගමේ සැමියා නැති දරුවන් සිටින නිවෙසක පදිංචි වී සිටින බවත්ය. තොරතුර ලැබුණත් නිවැසියෝ ඔහු සොයා යෑමටවත් වෙනත් තොරතුරක් දැන ගැනීමටවත් උනන්දුවක් නොදැක්වූහ.
දිනක් සවස ඔහු ගමන් මල්ලක් ද කර තියාගෙන නිවෙස බලා පිය මැන්නේය. නිවෙසට එනවිට බිරිය සහ එක් දරුවෙක් නිවසේ ආලින්දයේ සිටියහ. එහෙත් ඔහු නිවෙසට ඇතුළු වෙනවාත් සමගම බිරිය ඔහු දෙසවත් නොබලා ගෙතුළට ගියාය. 
දරුවා පියා වෙත ගොස් ගමන් මල්ල අතට ගෙන වාඩි වෙන්න යැයි කියනවාත් සමගම ඔහු එක් වරම බිම ඇද වැටුණේය. ඔහු ඇද වැටෙන හඬ ඇසී බිරියද සාලයට පැමිණි අතර පුතා වහා කුස්සියට ගොස් වතුර වීදුරුවක් ගෙන මුහුණට ඉස “තාත්තා” යැයි ආමන්ත්‍රණය කළේය. 
ඒ සමගම නැගී සිටි ඔහු කිසියම් දිෂ්ටියක් ආරූඪ වූ ආකාරයෙන් රංගනයක යෙදීමටත් විවිධ දේ කියමින් දොඩවන්නටත් විය.


මොකද තාත්තේ මේ වෙන්නේ...? පුතා විමසුවේ කිසිත් සිතා ගත නොහැකිවය. එවිට ඔහු පැවැසුවේ තමන් රත්නපුර ප්‍රදේශයේ පතල් වැඩපළකට ගිය අතරේ කිසියම් කෙනකු තමන්ට කොඩිවිනයක් කර නිවෙසක නතර කළ බවය. කොඩිවිනයේ බලය දුර්වල වූ නිසා තමන්ට වසර 15කින් නැවත නිවෙසට පැමිණීමට හැකි වූ බවත් වහා මෙම කොඩිවිනය කපා ඉවත් නොකළහොත් නැවතත් එහි ගමන් කිරීමට හෝ මිය යෑමට ඉඩ ඇති බවකි. ඔහු එම කතාව පවසා නැවත සිහිසුන්ව බිම ඇද වැටුණි.
විනාඩි කීපයකින් ප්‍රකෘති සිහිය ලද පසු පුතා පියා පැවැසූ දේ ගැන විමසීය. එහිදී ඔහු පවසා ඇත්තේ තමන්ට තිබෙන බන්ධනය වහා ඉවත් කිරීමට පියවර නොගතහොත් තමන් මිය යෑමට ඉඩ ඇති බවයි. ඒ නිසා අහවල් ගමේ ඉන්න කට්ටඩියා ගෙන්වා හෙටම මේ බන්ධනය කපා ඉවත් කරමු යැයි ඔහු පුතාට යෝජනා කළේය.
ඒ අනුව ඔහු පසු දින ගමේ කීප දෙනකුට මේ ගැන පවසා අසල ගමක පදිංචි කට්ටඩියාට ද ආරාධනා කර නිවෙසට පැමිණි අතර ගමේ හිතවතුන්ගේද සහයෝගයෙන් පසු දින සවස පැත්වීමට නියමිත තොවිලයට සූදානම් විය.
නියමිත දින නියමිත වේලාවට කට්ටඩියාත් බෙරකරුවාත් නිවෙසට පැමිණියහ.
තොවිලයට අවශ්‍ය පරිසරය ගැමියන් විසින් සකස් කරනු ලැබූ අතර රාත්‍රී 9.00 ට පමණ යාතිකාව ආරම්භ විය. මෙය නැරඹීමට ගමේ විශාල පිරිසක්ද රැස්ව සිටියහ. බෙරකරුගේ බෙර පදයටත් කට්ටඩියාගේ ළයාන්විත ගී ගායනයටත් දෑත් සොළවමින් පාද තබමින් ඔහු ද රංගනයක නිරත විය. 


රාත්‍රී 12ට පමණ එක් වරම රෝගියා යක්ෂාරූඪ වූවකු මෙන් පසෙක තිබූ පොල් මලක් ගෙන “මාගේ බන්ධනය දැන් ඉවරයි. දැන් මම නිදහස්.” යැයි හඬ නගා කියමින් බෙරකරු වෙත කඩා පැන ඔහුටත් යකැදුරාටත් පහර පිට පහර දෙන්නට විය. එම පහරදීම නිසා තොවිලය එතැනින්ම නිමා වූ අතර කට්ටඩියාත් බෙරකරුත් එම මොහොතේම ස්ථානයෙන් පිටව ගියේ තමන් අතින් යම් වැරැද්දක්වත් සිදුවුණාදෝයි සිතමිනි. ගැමියන්ටද මෙය ගැටලු‍වකි.
පසු දින ගම පුරා පැතිර ගියේ නිවෙසට පැමිණීමටත් බිරිඳ සහ දරුවන්ගේ ගෝරනාඩුවෙන් මිදීමටත් මෙලෙස බොරු ආරූඪයක් ගත් බවත් කට්ටඩියාට සහ බෙරකරුවාට මුදල් නොදීමට මෙලෙස ඔවුන්ට පහර දී පලවා හැර ඇති බවත්ය.
මෙම සිදුවීම ගමේ කඩපිලේ කතා බහක් වීම නිසා දින කීපයක් ගතවනතුරු කඩ මණ්ඩියට යෑමට ඔහුට නොහැකි විය. දැන් ඔහු දකින ගමේ කොල්ලන් අහන්නේ “ආ.... මාමා තොවිලයක්වත් නටමුද?” කියාය. එහිදී ඔහුගේ මුවින් පිටවන වචන කිසිවකුට අසා සිටීමට නම් බැරිය.

 



අදහස් (0)

අනියම් පෙමක රස බැලු සැමියා නෝනට බයේ අමුතු පොතක් දාලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 615 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17571 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 722 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site