IMG-LOGO

අනුන්ගේ බිරියන්ට දුරකථනයෙන් වදදුන් අනංගයා පොලිසියට

අන් අයගේ බිරින්දෑවරුන්ට දුරකථනයෙන් කතා කොට බලෙන් ආදරය දිනා ගැනීමට හා අයුතු යෝජනා කරමින් කාන්තාවන්ට හිරිහැර කරන අනංගයෙක් පෙරේදා (8) මඩගල්ල ප්‍රදේශවාසීන් විසින් අල්ලා පොල්පිතිගම පොලිසියට බාරදීමට පියවර ගනු ලැබීය.


මෙම අනංගයා විවාහක කාන්තාවකට දුරකථනයෙන් කතා කොට ඇත. එය වැරැදි අංකයක් බව ඇය පවසා ඇත. ඔහු යළි යළිත් විවිධ අංකවලින් ඇයට කතා කරන්නට විය.


ඇය විවාහක බවත් තම දරුවා බිහි කොට තවමත් දින 45 ක්වත් ගතවී නොමැති නිසා එලෙස කරදර කිරීමෙන් වළකින ලෙසත් කොතෙක් කීවත් ඒවාට අවනත නොවී මොහුගෙන් වෙන හිරිහැරවල නිමාවක්ද නොමැති වුණි.


අවසානයේ ඇය එම සංවාද සියල්ල රහසිගතව පටිගත කළාය. ඒ බව තම සැමියාට අසන්නට සැලැස්සුවාය. ඔහු ජංගම වෙළෙඳාමේ නියැලෙන අයෙකි. ඇයගේ සැමියා තම මිතුරන්ටද එම අංකයදී මෙම අනංගයා සෙවීමට උත්සාහ කළේය.


ඒ අනුව ඔහු පොල්පිතිගම පොලිස් බලප්‍රදේශයේ අයකු බවට හඳුනා ගැනීමට හැකිවිය. සැමියා තවත් මිතුරන්ගේ සහාය ඇතිව ඔහු හා සමීපවීමට වෙර දැරීය. ඒ අනුව ගොඩනගා ගත් මිතුරුදමක් අතරින් ඔහු ඉකුත් සෙනසුරාදා (08) සවස් යාමයේදී මඩගල්ල ප්‍රදේශයට ගෙන්වා ගත්තේය. සමීපතාව තව තවත් ගොඩනැගීමට ඔවුහු මධුවිත පානය කිරීමටද එතැනදී කටයුතු කළහ. ඔහුට පදමට වෙරි වූ පසුව තම බිරියට දුරකථනවලින් කතා කොට කළ සංවාදයන් අන් අය ඉදිරියේ ඔහුට එකින් එක අසන්නට සලසන ලදී.


ඔහු ඉන් පලායෑමට උත්සාහ කළේය. රැස්ව සිටි පිරිසක් ඔහු අල්ලා ගත්තේය.


තමන් අමතන දුරකථන අංකවලට කාන්තාවන් කතා කිරීමෙන් අනතුරුව එම අංකවලට යළි යළිත් කතා කොට ඉන් සතුටට පත්වන නමුත් විවාහක එක් දරු පියෙකු බැවින් එම වැරැදි නැවත නොකරන බව පවසා සමාව දෙන ලෙසට හා දඬුවම් නොකරන ලෙසට ඔහු පිරිස ඉදිරියේ හඬා වැටුණේය. කෙසේ වෙතත් රැස්ව සිටි පිරිස ඒ බව පොලිසියට දැනුම් දුන්නේය. පොලිසිය වහා එතැනට පැමිණියේය. එලෙස දුරකථනයෙන් ආතල් ගත් තැනැත්තාද, එම සිද්ධිය හෙළි කළ නිකවැරටියේ පදිංචි කාන්තාවගේ සැමියාද දෙදෙනාම පොලිසියට රැගෙන ගියේය.


දුරකථනයෙන් ආතල් ගත් තැනැත්තාට මෙවැනි වැරැදිවල යළි නොයෙදෙන ලෙසටත් හිරිහැරවලට ලක්වූ බිරියගේ සැමියාට මෙකී තැනැත්තාට එය පදනම් කොට නැවත කරදර නොකරන ලෙසටත් දෙදෙනාටම අවවාද කොට ඔවුන් මුදා හැරීමට පොලිසිය කටයුතු කළ බව එහි නිලධාරියෙක් පැවසීය.

(මොරගොල්ලාගම සිසිර කැලේගම)



අදහස් (0)

අනුන්ගේ බිරියන්ට දුරකථනයෙන් වදදුන් අනංගයා පොලිසියට

අසෝකා Monday, 10 October 2016 03:25 PM

මොලේ ඇති කාන්තාවක්? ඒ වගේම අගේ සැමියත්. ඔබ දෙදෙනාට මගේ ප්‍රණාමය. මොකද සමහර කාන්තාවන්ට මෙහෙම දුරකථන ඇමතුම් ලැබුනත් සමහර සැමියන් තම බිරිද ගැනත් සැක පහළ කරනවා. මම දන්නා කිහිප දෙනෙකුට එහෙම වුනා. ඒ ඇති ඔබලා දෙදෙනා හරි. තීරණයක් අරගත්තා.(හේ)

:       0       0

සරසි Monday, 10 October 2016 03:37 PM

හරි වැඩේ තමයි . (හේ)

:       0       0

ජෙහාන් Monday, 10 October 2016 03:42 PM

හරි නම් අර අනංගයාගේ බිරියත් පොලිසියට ගෙන්වලා සැමියාගේ ගැන දැනුවත් කරන්න ඕන . මේ වගේ මිනිස්සු හින්දා තමයි සැකය මුල් වෙලා පවුල් කැඩෙන්නේ. (හේ)

:       0       0

ගුණවර්ධන Monday, 10 October 2016 05:52 PM

පුදුමයි, පොල්පිතිගමෙන් පොල්පිති පාරක් නොකාපු එක ගැන (නි)

:       0       0

ජනහිත Tuesday, 11 October 2016 12:23 AM

ලංකාව වගේ රටවලට මේ ජංගම දුරකථන වදයක්. එ්කේ වැදගත්කම නැතිවෙන විදිහට තමයි අපේ අය කටයුතු කරන්නේ. උවමනාදේට මිස නැතිදේට එය පාවිච්චි කළාම වෙන්නේ කරදරයක් දා ගැනීමයි. හොඳම දේ නොදන්නා දුරකථන වලට ඇමතුම් නොදී සිටීමයි. (නි)

:       0       0

සිල්වි Thursday, 13 October 2016 04:36 PM

ලංකාවේ පිරිමි බහුතරයක් ජීවත්වෙන්නේ මානසික අසහනයෙන් (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 373 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 533 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 223 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site