IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


අනුන්ගේ පොකැට්ටුවට තට්ටු කරන්න ගිහින් ඉල්ලගෙන කාලා

(බදුල්ලේ පාලිත ආරියවංශ)
ත්‍රිරෝද රථයක් තුළදී සිදු වූ අසාමාන්‍ය සිදුවීම් දෙකක් බදුල්ල පොලිසියට (25) කරන ලද පැමිණිල්ලකින් අනාවරණය විය. 


එහි මෙසේ සඳහන් වී තිබේ.


 ත්‍රිරෝද රථය ධාවනය වූයේ බදුල්ල - බණ්ඩාරවෙල මාර්ගයේය. එහි සිටියේ රූමත් බිරිය සහ ත්‍රිරෝද රථයේ රියැදුරුය. කුඹල්වෙල හන්දියේදී ත්‍රිරෝදය නතර කර බසය එන තෙක් බලා සිටි තරුණයෙක් නංවා ගත්තේය.


පිටුපස අසුනේ තම බිරිය හා තරුණයා සිටින අයුරු රියැදුරා වරින්වර බැලුවේ පැති කණ්ණාඩියෙනි.


තරුණයාට තම බිරිය අපූරුවට තුරුළු වී සිටී. 


ටික දුරක් පැමිණෙන විට තවත් මග සිටි පුද්ගලයකු නංවා ගත්තේය. තරුණයා බිරියට තවත් තුරුළු වී අග පසඟ අත පත ගෑවේය. බිරිය ඊට අපූරු සහයෝගයක් දුන්නාය. වැඬේ තදටම යද්දී රියැදුරා ආපස්සට හැරී බලා සත්තමක් ද දමා ත්‍රිරෝද රථය නතර කළේය. රියැදුරාගේ කෑගැසීමට තරුණයා බිය විය. 


මෙය ගොඩින් බේරා ගැනීමට රුපියල් පනස් දහසක් රියැදුරා ඉල්ලුවත් තරුණයා ළඟ තිබුණේ රුපියල් පන්දහසක් පමණි. 


ළඟ තිබූ පන්දහස ගෙන ලියුමක් යවා තරුණයාගේ හැඳුනුම්පත ඉල්ලාගෙන ඇත. 


තරුණයා හැඳුනුම්පත හා රුපියල් පන්දහස දී ත්‍රිරෝද රථයෙන් බැස ගියේය.


බිරිය සමග ත්‍රිරෝද රථය පදවාගෙන ගිය රියැදුරා ටික දුරක් ගොස් බිරියට මුදල් දුන්නේ පර්ස් එකේ දාගන්න කියාය.


තමාගේ උණුසුම ලැබූ තරුණයා තමාට ද තට්ටු කර ඇති බව බිරිය දැනගත්තේ එවිටය. වැඩෙන් දසදහසක් පාඩු වී තිබිණි. 


බදුල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි. 

 



අදහස් (0)

අනුන්ගේ පොකැට්ටුවට තට්ටු කරන්න ගිහින් ඉල්ලගෙන කාලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 62 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 858 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 613 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site