IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


අන්ධයාට කිරි කවද්දී කතුන් දෙන්නකුට යකා වැහිලා

හක්මණ විශේෂ - දෙනගම යසන්ත ආරියසේන

බක්මහ උළෙලේ දී අන්ධයාට කිරි කැවීමේ තරගයට තරුණියක සමග සහභාගී වී සිටි දියණියගේ පෙම්වතා දුටු මවක් දියණිය සමග ගොස් එම තරුණියට පහරදීමේ සිද්ධියක් දකුණු පළාතේ ගම්මානයකින් වාර්තාවේ.

සෑම වසරකම පැවැත්වෙන අවුරුදු උත්සවය සුපුරුදු පරිදි මෙවරත් ගමේ පාසලේ ක්‍රීඩාපිටියේ දී පැවැත්විණි.

විශාල පිරිසක් සහභාගි වී සිටි අවුරුදු උත්සවයේ දී ජන ක්‍රීඩා සහ විවිධ කෙළි සෙල්ලම්වලින් සමන්විත විය.

දහවල් වන විට අවුරුදු උත්සවය උණුසුම් මුහුණුවරක් ගත් අතර සෑම තරග ඉසව්වකටම විශාල පිරිසක් සහභාගි වීම එයට හේතුව විය. තරුණ තරුණියන් සඳහා වෙන් වූ අන්ධයාට කිරි කැවීමේ තරගය ආරම්භ වූ අතර ඒ සඳහා යෞවන යෞවනියෝ යුගල ලෙස තරගයට එක්වූහ.

තරගය ආරම්භ වී මද වේලාවක් යන විට කාන්තාවක් සහ තරුණියක් එක්වරම කඩා පැන තරගයට එක්ව සිටි තරුණියකට පහර දෙන්නට වූහ. සංවිධායකයන් දැඩි පරිශ්‍රමයක් දරා පහරදීම නතර කරගත් අතර අවුරුදු උත්සවය එකම කාලගෝට්ටියක් විය.

පහරකෑමට ලක්ව සිටි තරුණිය කිසිවක් සිතාගත නොහැකිව වික්ෂිප්තව සිටි අතර පහරදුන් තරුණිය සහ මව දැඩි ලෙස කෝපාවිෂ්ඨව සිටින අයුරු ද දිස්විය. තම දියණියගේ පෙම්වතා තවත් තරුණියක සමග අන්ධයාට කිරි කවන ආකාරය ඉවසිය නොහැකිව ඔහු සමග සිටි තරුණියට පහරදුන් බව කාන්තාව පැවසීම නිසා බක්මහ උළෙල එකම සිනා සාගරයක් විය.

පෙම්වතා තරගයට ඉදිරිපත් වී සිටියේ තම ලොකු අම්මාගේ දියණියක වන අක්කා කෙනකු සමග බව බොහෝ දෙනා දැන සිටි අතර සිද්ධිය අවුරුදු උත්සවය පුරා පැතිර යාමට ද වැඩි කාලයක් ගත නොවීය.

පෙම් සබඳතාව නිමාවට පත් කරමින් පෙම්වතා ප්‍රසිද්ධියේම දැඩිව පෙම්වතියටත් ඇගේ මවටත් දෝෂාරෝපණය කළ අතර තරුණ තරුණයන්ගේ නොයෙක් උසුළු විසුළු මැද මව සහ දියණිය එම ස්ථානයෙන් පිටව ගියේ වචනයක්වත් නොකියා හිස පහත් කරගනිමිනි.



අදහස් (0)

අන්ධයාට කිරි කවද්දී කතුන් දෙන්නකුට යකා වැහිලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 670 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17769 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 746 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site