මොරගොල්ලාගම - සිසිර කැලේගම
 දරුවන්ගේ උපදෙස්වලට අනුව කටයුතු කළ මවක නිසා පියාගේ අනඟ රැඟුම අතටම අහුවුණු පුවතක් ගොකරැල්ලෙන් වාර්තා වේ.
දරුවන්ගේ උපදෙස්වලට අනුව කටයුතු කළ මවක නිසා පියාගේ අනඟ රැඟුම අතටම අහුවුණු පුවතක් ගොකරැල්ලෙන් වාර්තා වේ.
 පවුලේ දියණියක හා පුතකු පාසල් අධ්‍යාපනය හදාරන අතර මවුපිය දෙපළම රාජ්‍ය සේවාවේ නියැළෙති.
නිවසේ සිටින විට මවගේ හා පියාගේ ජංගම දුරකථනයන් ගැනීම දරු දෙදෙනාගේ විනෝදාංශයකි. ඔවුහු වයසින් බාල වුවත් මව හා පියාට වඩා දුරකථන පිළිබඳව මනා දැනුමක් ඇති අය වෙති.
රැකියාවට යන පියා අනියම් පෙමක පැටලෙන බව දරු දෙදෙනාට වැටහුණි. ඒ දෙදෙනා යවා ඇති කෙටි පණිවිඩ සංවාද දෙස බැලීමෙනි.
මවට එවැන්නක් බැලීමට හෝ දැනුමක් නැත.
දරු දෙදෙනා ඒ පිළිබඳව අම්මාට පැවැසූහ.
අම්මා පුපුර පුපුරා කෑ ගසන්න වූවාය. ඒ වෙලාවේ සැමියා නිවසේ සිටියේද නැත.
කෑ ගහන්න එපා. අපි මේක අතටම අහු කරගෙන ඊට පස්සේ කතා කරමු. දරු දෙදෙනා අම්මාට උපදෙස් දුන්හ.
එම කතගේ දුරකථන අංකය විසන්ධි කෙරුණි. ඒ නාමයට අම්මාගේ අංකය සම්බන්ධ කළේය.
කිසිවක් නොදත් පියා නිවසට පැමිණියේය. රාත්‍රි ආහාරය ගත් ඔහු පිටත ඇති කාමරයට නින්දට ගියේය. පුතා දුව හා මව ඇතුළත කාමරවල සිටිති.
ටික වේලාවකට පසුව අම්මාගේ දුරකථනය නාද වුණි. ශබ්දය පිටතට ඇසෙන්නට නොඇසෙන ලෙසට පුතු මවගේ දුරකථනය සකසා දී තිබුණි.
කතා කරන්නේ පියාය. ඒ කතා කරන්නේ අනියම් කතටය. පුතා පහදා දුන්නේය.
මව කාන්තා විලාසයෙන් හෙමින් හෙමින් එයට පිළිතුරු දුන්නේය.
ගතවූවේ නිමේෂයකි. මවට යක්ෂයා ආරූඪ වූවාය. ඇය ඉදිරි දොර ඇරගෙන කාමරයට කඩා පැන්නාය.
එය පිළිගත නොහැකි ලෙසට සූදානම් වීමට ඔහු උත්සාහ කරන අතරවාරයේ එම සංවාදය පටිගත වෙන ලෙසට දරුවන් සකසා දුන් හඬපටය ඒ සැණින් ඔහුට ඇසීමට සැලැස්වීය. ඉන් ලැජ්ජාවට පත් ඔහු මවගෙන් හා දරුවන්ගෙන් සමාව ඇයද සිටිනා අතරේ එම අනියම් කතගේ ජංගම දුරකථන අංකය අමතා මව හා දරුවන් ඇයට කන්වල ඇඟිලි ගසා ගන්නටම කතා කෙරුවාලු.
 2025 ඔක්තෝබර් මස 08										
										
										 1775										
										
											 0
								
									
										
											2025 ඔක්තෝබර් මස 08										
										
										 1775										
										
											 0										
									
								හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
 2025 ඔක්තෝබර් මස 01										
										
										 1457										
										
											 0
								
									
										
											2025 ඔක්තෝබර් මස 01										
										
										 1457										
										
											 0										
									
								2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
 2025 සැප්තැම්බර් මස 23										
										
										 521										
										
											 0
								
									
										
											2025 සැප්තැම්බර් මස 23										
										
										 521										
										
											 0										
									
								ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
අනග රැගුම අතේ පත්තු වෙලා
himal Thursday, 30 May 2024 09:51 AM
අනේ මේ, ගෙදර කවුරුවත් නැති කාර්යාල වෙලාවේ කතා කරන්නේ, මැසේජ් දාන්නේ නැතිව ගෙදර ඇවිල්ලා කතා කරනවාලු. එහෙම නම මාරු කරා නම් ඊට පහුවෙනිදාම අහු වෙනවා, අදාළ කාන්තාවගෙන් කෝල් එන කොට.