IMG-LOGO

2025 ඔක්තෝබර් මස 28 වන අඟහරුවාදා


අනංගයා උඩින්ම ගිහින් ගෑනු නාන තැනකට නිරුවතින්ම වැටිලා

(කලවාන - උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම)

කාන්තාවන් නාන අයුරු බලා සිටීමට ගොස් අමාරු වේ වැටුණු පුද්ගලයකු පිළිබඳ නගරබද ගමකින් වාර්තා විය. සිද්ධිය මෙසේය. ඔහු අවිවාහක තරුණයෙකි.

සිය මිතුරා සමග කාන්තාවන් නාන දෙස හොරෙන් බලා සිට වින්දනයක් ලැබීම ඔහු පුරුද්දක් කරගෙන තිබේ. මෙම නාන ස්ථානය තාප්පයකින් වටකර ඇති අතර එහි මැද ඇති ළිඳෙහි තරුණියන් සවසට දිය නාන අතර ඔවුන් දෙදෙනා එම තාප්පයට පොල්පිත්තක් තබා මාරුවෙන් මාරුවට කාන්තාවන් දිය නාන අයුරු බලා සිටින බව කියති. සුපුරුදු පරිදි එදිනද හවස් වෙනතුරු බලා සිටි ඔවුන් හීන් අඩියක් ද ගසා සුපුරුදු ක්‍රියාවට සූදානම් වී තිබේ. සුපුරුදු ස්ථානයේ සඟවා තිබූ පොල්පිත්ත ද එළියට ගෙන තාප්පයට තබා නැරඹීම ආරම්භ කර ඇත.

මිතුරා දීර්ඝ කාලයක් ගත් නිසා අනෙක් මිතුරා නොසන්සුන්තාවට පත්ව ඇත්තේ ඔහුටත් ඉක්මනින් දිය නෑම නැරඹීමට අවශ්‍ය නිසාය. කෙසේ වෙතත් පසුපසින් ඇසුණු ශබ්දයකින් කලබල වූ මිතුරා පොල්පිත්ත අතහැර පිටුපස බලද්දී දැක ඇත්තේ තමන් අසලට බල්ලකු පැමිණ ඇති බවය. ඒ සමගම තාප්පය දෙස බලද්දී ඔහු දැක ඇත්තේ පාලනයෙන් ගිලිහුණු මිතුරා තාප්පයෙන් එහා පැත්තට ඇදී යන අයුරුය. වහා ක්‍රියාත්මක වූ ඔහු මිතුරා අල්ලා ගැනීමට පැමිධෑමේදී අසු වී ඇත්තේ මිතුරාගේ සැහැල්ලු කොට කලිසමය. කලිසම ඔහු අත ඉතිරි වෙද්දී මිතුරා යටිකය නිරුවතින් තරුණියන් අසලට වැටී තිබේ.

දුටු දර්ශනයෙන් අන්දුන්කුන්දුන් වී කෝප වූ තරුණියන් දිගට හරහට තම අත තිබූ යකඩ බාල්දිවලින් මිතුරාට පහර දී ඇත. පසුව හවස මිතුරා බැලීමට ගිය අනෙක් මිතුරා දැක ඇත්තේ මුළු ඇඟම වෙළුම් පටිවලින් ඔතා ඇති මිතුරාය. ‘මොකද වුණේ’ යැයි මිතුරා අසද්දී අනෙක් මිතුරා පවසා ඇත්තේ ‘අවුලක් නැහැ තව සති දෙකෙන් ටිකට් කපනවා කිව්වා එතකම් ඉවසපන්’ කියාය.



අදහස් (4)

අනංගයා උඩින්ම ගිහින් ගෑනු නාන තැනකට නිරුවතින්ම වැටිලා

vernon Thursday, 08 March 2018 05:06 AM

මේ කතාවේ විශ්වාස කරන්න අමාරු තැන් ගණනාවක් තියෙනවා. පොල් පිත්තක් උඩ නැඟලා තාප්පේ මෙහා පැත්තේ ඉඳන් බැලුවා නම් පොල් පිත්ත අසමාන වුනාම වැටෙන්නේ හිටපු පැත්තට. තාප්පෙන් එහාට නෙවෙයි. අනික එහෙම විසිවෙලා වැ‍ටුණාම කලිසමෙන් ඇද්දත් කලිසම ගැලවෙන්න බෑ, මොකද අඩුම තරමින් ඉලස්ටික්වත් දාලා තියෙන හින්දා. සරමක් කිව්වා නම් කමක් නෑ. ඒ වගේම අද කාලේ මෙහෙම වැඩක් වුනා නම් බාල්දි වලින් ගහලා නවතින්නේ නෑ. පොලීසියට බාර දෙනවා. ගමෙන් දෙදෙනාටම ගුටි දෙනවා.

:       32       639

janahitha Thursday, 08 March 2018 10:36 PM

කතාව ඇත්ත බොරු උනත් මේවගේ දේවල් ඉතා කලා තුරකින් තමයි එලි වෙන්නේ. ඇස් පිනවීමට ගොස් අපහාසයට ලක් වෙන්න එපා.

:       14       16

අචලා Friday, 09 March 2018 06:50 AM

බොරු කථාවක් වගේ.

:       0       48

sampath Saturday, 10 March 2018 02:08 PM

මේක සාමාන්‍යයෙන් ගඟ සහ දිය ඇළි අසල නාන අයටත් මුහුණ දෙන්න වෙන, එ්ත් නොදන්නා දෙයක්.. කොහොම වුනත් මේවගේ දේවල් වලට හේතුව තරුණයින්ට නිසි වයසේ විවාහයක් කරගන්න ජීවනෝපායන් නොමැති වීම සහ සමාජ හේතුමත තිබෙන රැකියා වලට නොයාම. මේවා සහමුලින්ම නතර කරන්න බැහැ. එ්ත් කාන්තාවන් නාන තැන්වලදී ආවරණයක් ඇති ස්ථානයක් හදා ගන්න එකයි කල යුතු වන්නේ... මේ බලන අයත්, නාන අයත් එකම පන්තියේ වීමයි ලොකුම දුක...

:       0       77

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1531 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1348 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 487 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site