IMG-LOGO

2025 මැයි මස 17 වන සෙනසුරාදා


අනාගත මාමාට බෑනාගෙන් අපූරු පාඩමක්

(කලවාන උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම)
මාමණ්ඩියගෙන් සිය ප්‍රේම සම්බන්ධතාවට කැමැත්ත ලබාගැනීම සඳහා අපූරු උපක්‍රමයක් යෙදූ තරුණයකු පිළිබඳව ගම්බද ප්‍රදේශයකින් වාර්තා විය.


සිද්ධිය මෙසේය,


ඔහු එම ගමේ වෙසෙන කඩවසම් තරුණයෙකි. ඔහු ගමේ සිටින පොහොසත් පවුලක තරුණියක් සමග  පෙමින් වෙළී සිට ඇත. තරුණියත් ඔහුට ඉතා ආදරයෙන් සිට ඇත. කෙසේ වෙතත් මෙම සම්බන්ධතාව පිළිබඳව වටින් ගොඩින් ආරංචි වූ තරුණයා​ෙග් පියා මෙම සම්බන්ධතාව නවතා දමන ලෙස කිහිපවිටක් තරුණයාට බල කර ඇත. තරුණිය විසින් එය ප්‍රතික්ෂේප කිරීම නිසා ඇයට නිවසින් එළියට යාමට ඇයගේ පියා විසින් අවසර ලබාදී නොමැත. 


තරුණිය බැලීම සඳහා තරුණයා කිහිප විටක් තරුණියගේ නිවස අසලට ගියද එය අසාර්ථක වූයේ නිතර පියා මැදුරේ සිට මාර්ගය දෙස බලා සිටින බැවිනි. මේ ගැන තරුණයා සිය මිතුරන්ට පැවසූ පසු ඔහුගේ මිතුරන් විසින් තරුණියගේ පියා කැමති කරවා ගැනීමට අපූරු උපක්‍රමයක් තරුණයාට කියා දී ඇත. එය අසා දැන ගත් තරුණයා කිසිදු බියක් සැකක් නොමැතිව තරුණිය ගේ නිවස අසල පාපැදියකින් කරක් ගැසීමට පටන්ගෙන ඇත. මෙය දුටු තරුණියගේ පියා යකා ආරූඪ වී තරුණයා අසලට පැමිණ වහාම මේ සම්බන්ධය නවත්වන ලෙසත් මේවා කිසි දිනක කෙරෙන දේවල් නොවන බවත් පවසා ඇත. එවිට තරුණයා පවසා ඇත්තේ ‘‘අනේ අංකල් මම දැන් ඔයාගේ දුවත් එක්ක තියෙන සම්බන්ධය නැවැත්තුවා. මම ආවේ අල්ලපු ගෙදර ඇන්ටි බලන්නයි ”‍ පවසා ඇත. 


තරුණියගේ පියා අල්ලපු ගෙදර රූමත් කාන්තාව සමග සම්බන්ධයක් කලක සිට ගොඩ නගා ගෙන ඇත. තරුණයාගේ කීමෙන් කලබලයට  පත්වූ තරුණියගේ පියා ‘‘අනේ පුතේ අපේ දුවත් එක්ක තියෙන සම්බන්ධය නවත්තන්න එපා මම ඒකට ආයෙ විරුද්ධ වෙන්නේ නැහැ”‍ පවසා ඇත. කෙසේ වෙතත් තරුණියගේ පියාගේ අවසරය මත තරුණියගේ  නිවසටම ගොස් ආදරේ කිරීමට තරුණයාට අවස්ථාව උදාවිය.



අදහස් (1)

අනාගත මාමාට බෑනාගෙන් අපූරු පාඩමක්

අබිලින් Tuesday, 26 May 2020 12:56 AM

මුට්ටියකින් අමුඩගැසූ මිනිහා පරගල. ලොසින්ජරත් කලවානේ සිටුවා පැලකළා... අපිළිවෙලට වුණත් කලවානේ යහළුවන් කියනු ඇසූ කවියෙන් මට මතක තියෙන්නේ ඒ පද දෙක පමණයි..

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 166 0
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 95 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1691 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site